හායි! කොහොමද යාළුවනේ,
රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.
ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.
10 වන කොටස
ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කියලා හිතනවා. කලින් කොටසේ දී යොන්ග් තේ යොන්ග් කොහෙම හරි ආච්චි ව ෂේප් කරගන්නවා. යොන්ග් තේ යොන්ග් පාර්ක් හා ගේ උපන් දිනේ ට කෑමක් අරන් දෙන්න එන්න කියන තැනට සෙ නා යනවා. පාර්ක් හා ව රිද්දන්න ඕන නිසා ම සෙ නා එතනට ගියා. පාර්ක් හාට එන්න කියපු තැනට සෙ නා ආවාම තේ යොන්ග් පුදුම වුණා. සෙ නා මේ පාර මොකාට ද එන්න හදන්නේ?යොන්ග් තේ මූගේ තාත්තා සෙ නා කවුද කියලා දැනගන්නවා. සෙ නා ට හොඳට ම කේන්තියි. සෙ නා ඇත්තට ම ආයතනය දාලා යයි ද? යොන්ග් තේ මු තාත්තගේ පැත්ත ගනියි ද? ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
ජය වේවා!
ස්තූතියි!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 270MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)