MENU

3% [S03 : E01] | නව ආරම්භයක්!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මඟ නැවතිලා තිබ්බ තවත් කතා මාලාවක තුන්වෙනි සීසන් එකේ ආරම්භක කතාංගය. නෙට්ෆ්ලික්ස් කියන්නේ කවදත් අත්හදා බැලීම් කරන සමාගමකනේ. ඉතින් එහෙම කරපු පරීක්ෂණයක් තමා මේ කතා මාලාවත්. බ්‍රසීලයේ නිර්මාණය කරපු නෙට්ෆ්ලිස්ක් පලවෙනි කතාව තමා මේක. මේ වෙනකොට කතා සමයන් දෙකක් අපි උපසිරසි දීලා තියෙනවා. මේ තමා තුන්වෙනි කතා සමය. සෑහෙන කාලයක් වෙනව මේක ඇවිල්ලා නම්, තුන්වෙනි කතා සමය ආවේ 2019 ජූනි මාසේ. ඒත් ඉතින් කරන්න උනේ නෑ. මේ සිරීස් එකට ලොකු හයිප් එකක් තිබ්බෙ නැති නිසා කලින් කතා සමයට ඩවුන්ලෝඩ් පන්සීයක්වත් තිබ්බේ නෑ, ඒත් ඉතින් චාමර අයියා කට්ටියව ආයේ එකතු කරලා මේක ඉවරයක් කරලා දාමු කිව්ව නිසා ඔන්න වැඩේ ගෙනාවා. එහෙනම් බලමු කතාව ගැන.

කලින් සීසන් එක ගැන මට කියන්න විදිහක් නෑ, මොකද මම බැලුවේ නැති නිසා. මම මේ කොටස ගැන කෙටියෙන් කියන්නම්. දැණ් දන්නවනේ ඉස්සෙල්ලා තිබ්බේ පැති දෙකයි කියල, අක් වෙරල සහ පිටිසර පැත්ත. නමුත් පස්සේ මිශෙල් හදනවා ෂෙල් කියලා අලුත්ම පැත්තක්. ඒ ෂෙල් එක වටා තමා අද කොටස ගෙවෙන්නේ. අද ෂෙල් එකට ලොකු වැලි කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ෂෙල් එකට ජොඅනා එනවා, එන්නේ මොකටද කියලා බලාගන්නකො. ෂෙල් එක වැලි කුණාටුවෙන් බේරේවිද? අක්වෙරළේ අය මොනව කරයිද මේ අතරේ? ඒ ඔක්කම බලන්න ඔන්න එහෙනම් අරගන්න.

එහෙනම් මම ගිහින් එන්නම්, ඊලග කොටස් ටිකත් ඉක්මනින් ඔයාලට දිගටම ලැබේවි. තවත් උපසිරසියකින් හැකි කාලෙක හම්බුවෙන්නම්. එතෙක් ජය වේවා..!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 400MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *