MENU

Ancien and the Magic Tablet (2017) AKA Hirune-hime: Shiranai watashi no monogatari | සිහිනයන් සැබෑමද?

කොහොමද යාලුවනේ කාර්යබහුල මාසෙකට පස්සේ ඔන්න මම ආයෙත් අලුත්ම ඇනිමේ එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවැදුනා. මේ ඇනිමේ එක ගැන කියනවනම් මේක 2017 දි ආපු ටිකක් අලුත් එකක් ඒ වගේම ඇනිමේ එක Animation,Fantasy, Adventure, Drama කියන ගණයන්ට වැටෙන මේ anime film එක IMDb දර්ශකයේ 6.3 වගේම MyAnimeList.net දර්ශකයේ 7.1 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ film එකේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම කරලා තියෙන්නේ Kenji Kamiyama කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

ෆිල්ම් එකේ ඔය විස්තර වැඩිය ඕන නැහැ නේ.එහෙනම් මේ ෆිලුමේ කතාවට බහින්නම් ඔයාල දන්නවත් ඇති 2020 ඔලිම්පික් තරඟ වලට සත්කාරකත්වය දෙන්නේ ජපානය කියලා,ඒ කියන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල.ඔයාල හිතනවා ඇති මම මේ මොකද anime එක ගැන කියන්නේ නැතුව ඔලිම්පික් ගැන කියන්නේ කියල ඒකට හේතුව තමයි මේ anime එක 2020 ඔලොම්පික් එක්ක සමාන්තර කාලීනව කොකොනේ මොරිකාවා කියන ගෑනුළමයෙක් වටා ගෙතෙන ෆිල්ම් එකක් මෙයාගේ අම්මා මෙයා පොඩිකාලෙදිම මැරිලා එයයි එයාගේ තාත්තයි විතරයි ඉන්නේ. මේ කතාවේ විදියට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට ස්වයංක්‍රිය වාහන යොදාගන්න සංවිධායකයන් තීරණය කරලා තියනවා.මේකට මුලිකත්වය අරන් වැඩකරන්නේ ශිජිමා මෝටර්ස් කියන ආයතනය.

මේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ කොකොනේ හරි අමුතු කෙනෙක් ඒ කියන්නේ එයා හැමතිස්සෙම නිදා ගන්නවා ඒ වගේම එයා හැමතිස්සෙම හීන දකිනවා ඒ හීන ඇත්ත ලෝකෙට ටිකක් සම්බන්ධයි.දවසක් එයාගේ අම්මට අයිති ටැබ් එක ගන්න කට්ටියක් එනවා පස්සේ එයාට දැනගන්න ලැබෙන්නේ ඒ කට්ටිය ශිජිමා මෝටර්ස් එකට වැඩකරන අය කියලා.එයා ඒ ටැබ් එක අරන් බේරිලා පැනලා යනවා ඒ අතරේ තවත් හේතුවකට එයාගේ තාත්තත් අත්තඩංගුවට ගන්නවා.ඒ අතරේ එයා එයාගේ අම්මයි ශිජිමා මෝටර්ස් එකයි අතරේ ලොකු සම්බන්දයක් තියනවා කියලා හොයාගන්නවා.මොකද්ද ඒ තියන සම්බන්දේ,එයාගේ තත්තා මොනවත් ඒගැන එයාට කිව්වේ නැත්තේ ඇයි? ශිජිමා මෝටර්ස් එකේ අය ඒ ටැබ් එක හොයන්නේ මොකටද ?එයාලට ටැබ් එක හම්බ වේවිද?ඒ ටැබ් එකේ තියෙන්නේ මොනවද?…කියලා දැනගන්න ඕන නම් ඔයාලට මේ film එක බලන්නම වෙනවා.

ඒ වගේම පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න.එහෙනම් ආයෙත් ඇනිමේ එකකින් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.

…WITH HEARTS UNITED, WE CAN FLY…


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | x264 | 720p | 800MB |

Direct Download

| BRRip | x264 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways