MENU

Asur: Welcome to Your Dark Side (2020) S01E01 | අති බිහිසුණු මෘගයෙකුගේ සම්ප්‍රාප්තිය!! (18+)

නිකිල් නායර්! අති දක්ෂ අධිකරණ වෛද්‍යවරයෙක්. ඉමක් කොනක් හොයාගන්න බැරි ඝාතන වල, මළ සිරුර පරීක්ෂා කරලා විතරක් අපරාධකරයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන් අති දක්ෂයෙක්. කොටින්ම කියනවා නම්, වත්මන් පරපුරේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක් හා සමානයි කියලා හැඳින්වුවත් එක අතකට වරදක් නැහැ කියලා හිතෙනවා. කාලයක් ඉන්දියානු රහස් ඔත්තු සේවය සමගින් රාජකාරියේ නියතුව, පසුව කුමක් හෝ හේතුවක් නිසා ඉන් ඉවත්ව, වර්තමානයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්‍යවරයෙක් තමයි නිකිල් නායර් කියන්නෙ.

හිටි හැටියේ එක පිට එක ඝාතන රැල්ලක් නිර්මාණය වෙන්න ගන්නවා. හිතාගන්නවත් බැරි විදියකින් මේ ඝාතන රැල්ලත් එක්ක නිකිල් නායර් සම්බන්ධ වෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව හා බැඳිච්ච මාහාචාර්‍යවරයෙක් කොහොමද ඝාතන රැල්ලක් එක්ක සම්බන්ධ වෙන්නෙ?

ඉහත කියපු ඝාතන මාළාවෙ අවසාන ඝාතනය පෙර ඝාතන වලට සාපේක්ෂව සුවිශේෂී වෙනවා. ඒ ඇයි කියලා මං නොකියා ඉන්නම්. ඒ වගේම,

ඔබ ඕන තරම් අපරාධමය චිත්‍රපටි සහ කතා මාළා නරඹලා ඇති. හැබැයි, මේ තරම් දරුණු, මිලේච්ජ, පිළිකුල් සහගත මිනීමැරුමක් ඔබ ඒ එකකවත් දැකලා තියෙනවද කියලා පොඩ්ඩක් මතක් කරල බලන්න. කතාව නරඹද්දි මං පෞද්ගලිකව කම්පාවට පත්වෙච්ච තැනක් තමයි මේ බිහිසුණු ඝාතනය. සැකයක් නැහැ, අනිවාර්‍යයෙන්ම ඔබටත් ඒ අත්දැකීමම විඳගන්න ලැබේවි කතා මාලාව නරඹන්න ගත්තොත්. ඉතිං, හිතාගන්නකො මේ මොන විදියෙ දරුණු මිනීමරුවෙක්ද කියලා. සරලවම කියනවා නම්, මිනිහෙක් නෙමෙයි, තිරිසනෙක්!

මළ සිරුරු වලින් අපරාධකරුවන් සොයායන අති දක්ෂ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු මහාචාර්‍යවරයෙක්… අති බිහිසුණු ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරමින් යන තිරිසන් ඝාතකයෙක්… එම තිරිසන් ඝාතකය පසුපස හඹා යන ආරක්ෂක අංශයේ නිර්භීත ප්‍රධානියෙක්… බොලිවුඩ් සිනමාවේ අප කොයිකවුරුත් හොඳාකාරව දන්නා අඳුරන Arshad Warsi ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩගැන්වී, Imdb දර්ෂකය 8.9 ක් වැනි අති දැවැන්ත අගයක් කරා කරකවමින්, ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්, 2020 වර්ෂයේ පෙරළිකාර බොලිවුඩ් කතා මාළාව!

එක දෙයක් මතකයේ තියාගන්න. මේ ඔබට ජීවිත කාලයටම එක වරක් පමණක් නරඹන්නට ලැබෙන ආකාරයේ අති විශිෂ්ඨ කතා මාළාවක්. පළවෙනි කතාංගයේ ආරම්භයේ ඉඳලා හුස්ම ගන්න එක, ඇහිපිය ගහන එක ඔබට අමතක වේවි. පලවෙනි කතාංගයේ අවසානයට ඔබ ඔළුවෙ අත් දෙක තියාගෙන, මොකක්ද මේ වුණේ කියලා ලෝකෙ පෙරල පෙරලා කල්පනා කරාවි. නිකමට නිකං ඉන්න විනාඩි 40ක් මේ වෙනුවෙන් වැය කරලා බලන්නකො. ජීවිත කාලෙටම බලපු හොඳම කතා මාලාවක් වේවි අනිවාර්‍යයෙන්ම.

එහෙනම්, පලවෙනි කොටස නරඹලා, දෙවනි කොටසට ලෑස්තිවෙලා ඉන්න. ජය!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 130MB |

| WEB | x264 | 720p | 230MB |

Complete S01

| WEB | x264 | 480p | 990MB | Complete S01

| WEB | x264 | 720p | 1.7GB | Complete S01

| WEB | x264 | 720p | 2.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

9 thoughts on “Asur: Welcome to Your Dark Side (2020) S01E01 | අති බිහිසුණු මෘගයෙකුගේ සම්ප්‍රාප්තිය!! (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *