ඔන්න එහෙනම් අරගෙන ආවා වාර්ශික CW ක්‍රොස්ඕවර් එකේ දෙවනි කොටස Batwoman නමවෙනි කොටස. ටිකක් පරක්කු වුනා. වැඩ රාජකාරි මැද්දෙනේ කරන්නේ ඒකයි. ඒ වගේම නුවන්ත අයියට ස්තූතියක් පල කරන්න ඕන මට මේ කොටසට ඔහු සෑහෙන්න උදව් කලා, ඉතින් එයාට ස්තූතිය පුද කරන ගමන් කතාව ගැන බලමු.
පෙර කොටසෙදි…
කලින් කොටසෙදි ව්‍යසනය ආරම්භ වෙනවා දකින්න ඇති පණිවිඩකරු එහෙම නැත්තම් කවුරුත් දන්න ලයිලා සියළුම වීරයන් සුපර්ගර්ල්ගේ ලෝකය පෘථිවි 38ට එකතු කරනවා. විශ්වය හරහා විශාල ප්‍රති-පදාර්ථ තරංගයක් වේගයෙන් එනවා ඒ මාර්ගය හරහා තියෙන සියළුම දේවල් විනාශ කරමින්. ඉතින් ඒ වෙලාවේ ආර්ගෝ වල හිටපු සුපර්මෑන් සහ ලොයිස්ව බේරගන්නවා, නමුත් ආර්ගෝ විනාශ වෙලා පෘථිවි 38ට ක්‍රම ක්‍රමයෙන් ලං වෙනවා. සුපිරි වීරයෝ ඔක්කම එකතු වෙලා මේ තරංගය නවත්තන්න කටයුතු කරනවා. මොනිටර් විසින් කලින් ස්ථාපිත කරල තිබ්බ ක්වොන්ටම් කුළුනෙන් ඒ ලෝකය ආරක්ෂා වෙනවා කියල දැනගත්තත් ඒ කුළුන විනාශ ඇන්ටි මොනිටර් සේනාව එවනවා. ඒ කුළුන බේරගන්න වීරයන්ට බැරි වෙනවා. පෘථිවි 38 විනාශ වෙනවා. හිටපු ජනගහනයෙන් ඔක්කටම බේරෙන්න බැරි වෙනවා. යානා පහසුකම් නැති නිසා. ඔලිවර් එතනදි කලින් නියම වුන විදිහටම මිය යනවා, නමුත් මොනිටර් හිතපු විදිහට නෙමෙය් ඔලිවර් මියයන්නේ, අපි බලමු ඔලිවර්ගේ මරණය ඇත්තටමද වුනේ, නැත්තම් ආයේ පන දෙයිද කියලා.
අද කොටසින්
අද කොටසින් මොනිටර් නැවතත් දෛවයේ ග්‍රන්ථය භාවිතා කරනා මේ ව්‍යසනය නවත්තන්න සැලැස්මක් කියනවා. ඒකට පැරගෝන්වරු හත්දෙනෙක් අවශ්‍ය වෙනවා, අද කොටසෙන් තියෙන්නේ ඒ පැරගෝන්වරු කවුද කොහොමද හොයාගන්නේ කියන එක, ඒ වගේම ඒ අතරතුර සාරා, මියා, බැරි කොන්ස්ටන්ටීන් සමග එකතු වෙලා ඔලිවර්ට පන දෙන්න උත්සහ කරනවා. එහෙනම් අරගෙන බලන්න.
ඊලග කොටස ඒ කියන්නේ Crisis on Infinite Earths: Part Three හෙවත් Flash කොටස. ඒක ඔයාලට සුපුරුදු පරිදි නුවන්ත අයියා අරගෙන ඒවි අද හෙටම. ඒ වගෙම ඔන්න අපි ආයේ හම්බුවෙන්නේ ජනවාරි 14 සුපුරුදු Arrow කොටසින් Part 04 සමගින්. ඒ වගේම තව දෙයක් නුවන්ත අයියා මතක් කරන්න කිව්වා, ඔයාලා Flash කොටස බාගත කරගන්නවා නම් WEB කොපිය බාගත කරගන්න කියලා, මොකද ඒකට තම එයා සබ් එක දෙන්නේ කියලා. HDTV පිටපතේ යම් දෝශයක් තියෙනවා කියලා තමයි කිව්වේ.
ප.ලි.
කලින් කොටසෙදි ටිකක් මම සැරට දේවල් ටිකක් කිව්වා. ඇත්තටම ඒ කිව්ව කිසිම දෙයක් හිතේ තරහකින්වත්, පලි ගන්නවත් ලියවුන දේවල් නෙමෙයි, ඒ වෙලාවේ තිබ්බ ආවේගට වචනෙට පෙරලුන දේවල්, හැබයි එහෙම ලියවුන එක ගැන මම සතුටු වෙනවා, මොකද මිනිස්සුන්ගෙ හැටි තවත් හොදට ඒකෙන් මට දැනගන්න ලැබුනා. වෙනදාට ස්තූතියි කියලවත් ටයිප් කරන්න කීබෝඩ් එක පාවිච්චි කරන්නෙ නැති අය ඡේද ගනන් බනින්න කීබෝඩ් එක පාවිච්චි කරලා තිබ්බ, හරිම සතුටුයි. මුහුණු පොතේ පුරාම, කලින් කොටසේ කමෙන්ට් සෙක්සන් එකේ හුගක් මට බැනලා දාල තිබ්බා. කමක් නෑ මම ඒවා භාරගන්නම්. ඒ වුනත් තවත් බැනුම් අහගෙන මේවා කරන එකේ තේරුමක් මට නම් පේන්න නෑ, ඉතින් ඒ සිද්ධිය නිසා මගෙ උපසිරසි ජීවිතේ ගැනත් තීරනයක් මම අරගන්නවා ඉක්මනින්. මිනිස්සුන්ට කිසිම දෙයක් නොමිලෙ දුන්නම අගයක් නැති වෙනවා කියන එකට හොදම උදාහරන මට හම්බවුනා. දෙමව්පියෝ මතක් කරලා බැනපු අයත් ඒ අතර හිටියා. මේ කිසි දෙයක් මම කියන්න හිනෙන්වත් හිතුවේ නෑ, සමාවෙන්න කාගේ හරි හිත රිදුනා නම්. ඒත් ඇත්ත ඒකයි. හුගක් උපසිරසිකරුවන් මේවගෙන් ඈත් වෙන්න හේතුවත් ඒකමයි. ටික කාලෙක ඉදලා කෝමත් දැන් බයිස්කෝප් අඩවියට අපල කාලයක් උදා වෙලා. මම දන්නේ නෑ. තවත් කියන්න දෙයක් නෑ, වෙච්ච හැම වැරද්දකටම සමාවෙන්න. ජය වේවා…!!
___ ____
අද කතාවේ නම “Crisis on Infinite Earths: Part Two”
අධ්‍යක්ෂණය: Laura Belsey
ලිව්වේ: Bob Kane
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 09
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Three | 2019 දෙසැම්බර් 10
![]()
![]()
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SVA | 245MB |
Direct Download
| HDTV | x264 | SVA | 245MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)



8 thoughts on “Batwoman [S01 : E09] Crisis on Infinite Earths: Part Two | දෛවයේ ග්‍රන්ථය”
BOHOMA PIN…
BANINA AYA GANA GANAN GANNA EPA.. FALA ATHI RUKATAI GAL GAHANNE….
BA\NINA AYA ATHARE OBALATA PIN DENA AYATH GODAK INNAWA.. BUDUSARANAI..
Kohomada downlord karagththe
එල ජය වේවා. දිගටම යමු ඕවා ගනන් නොගෙන. තැන්ක්ස් සබ් එකට බ්‍රෝ..
Dropapk link eken download karanne kohomada ?
dropapk walin download karanne khmda???
Ow downlord karaganna bane
Downlord karaganna bane
ඕවා ගනන් ගන්න එපා බන්
දිගටම සබ් දියන්