ඔන්න සපාටා බොස්ටන් හාදයාත් එක්ක මැඩෙලින්ව මුණ ගැහෙන්න ගියානෙ. ඉතින් බොස්ටන් දැන් රගපාන්නෙ ඩෙල් ටොරෝ විදිහට. හැබැයි බොස්ටන් තාම හරියටම දන්නෙ නෑ ප්ලේන් එකක් වට්ටන්න තියෙනවා කිව්වට ඒ යානය මොකක්ද කියලා. ඉතින් ගියාම මැඩෙලින්ගෙන් දැනගන්න ලැබෙනවා මේ යානය බ්‍රැඩ්ලි ඩයිනමික්ස් කියන ගුවන් යානා නිෂ්පාදන සහ ආරක්‍ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් නිෂ්පාදිත යානයක් කියලා. ඒ වගේම මේ යානයට යොදලා තියෙන ආරක්‍ෂාව එහෙම ඉතාම ඉහළයි. කොහොමින්හරි බොස්ටන් සහ සපාටා යානය හැක් කරනවා වගේ බොරුවට රගපාමින් ඉන්නවා කණ්ඩායමට පණිවිඩයක් යවාගන්නකම්.
ඉතින් ඔය අස්සේ තමා හැබෑ ඩෙල් ටොරෝ කඩාපාත් වෙන්නෙ. ඒකෙන් පස්සෙ බොස්ටන්ටයි සපාටාටයි ලොකු අමාරුවක තමා වැටෙන්න වෙන්නෙ. ඒවගේම FBI කණ්ඩායමත් මේ යානය හැක් කිරීම ගැන විස්තර හොයාගන්නවා. කොහොමින් හෝ හොයලා බලන කොට මේක සාමාන්‍ය වෙළද යානයක් නෙවේ කියලා දැනගන්න ලැබෙනවා. මේ යානය එයාර්ෆෝස් වන් එහෙමත් නැත්නම් ඇමෙරිකා ජනාධිපතිවරයා ගමන් ගන්නා ලබන යානය.
ඉතින් අපි බලමු FBI කණ්ඩායමට මේ යානය වට්ටන එක නවත්තන්න පුළුවන් වෙයිද කියලා. හොදයි එහෙමනම් මං මෙච්චරයි කියන්නෙ. යලි හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | SVA | 306MB |
Direct Download
| HDTV | x264 | SVA | 306MB
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)