ඉතින්… මේ වැලන්ටයින් එක කොහොමද?
කොහොමද දවස ගතවෙන්නේ?
තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය එක්කමද?
නැත්තම් තනියමම සාමාන්‍ය දවසක් විදිහටද?
පහුගිය වැලන්ටයින් එකත් එක්ක බලද්දී,
මේ අවුරුද්දෙත් ඔයා ඉන්නේ එයා එක්කමද ඉන්නේ?
නැත්තම් වෙන කෙනෙක් එක්කද?
එහෙමත් නැත්තම් තනියෙන්ද?
ගිය අවුරුද්දේ ආදරවන්තයා, ආදරවන්තිය
මේ අවුරුද්ද වෙද්දී බිරිඳ හෝ සැමියා වෙලාද?
උත්තරේ ‘ඔව්’ උනත්,
තව ප්‍රශ්නයක් ඉතුරු වෙනවා…
බිරිඳ හෝ සැමියා උනේ ඔයාගෙමද?
නැත්තම් වෙන කෙනෙක්ගෙද?
අදටත් දන්නැද්ද දාලා ගියේ ඇයි කියලා?
බස් ටිකට් එකේ ඉඳන් හැම මතකයක්ම තියන් හූල්ලනවද?
අමතක කරනවා කියලා හිතුවත් අමතක කරන්න බැරිද?
වෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා යනවා දකිද්දී
පපුව හිර වෙනවා වගේද?
දවස් ගණන් නොකා නොබී ඉඳලා සුසුම් හෙලනවද?
ජීවිතේ එහෙමයි
ආදරේ එහෙමයි, සුන්දරයි
විරහව ඊටත් වඩා සුන්දරයි..
හා නැද්ද?
හැමදේටම ඔහේ යන්න දෙන්න
කාලය හැම දෙයක්ම විසඳයි
#B3 කියන්නේ ඔය උඩ කියපු කාටත් රහ විඳින්න පුළුවන් අපූරු ආදර කතාවක්. ගිය අවුරුද්දේ වැලන්ටයින් දවස මුරාත් සහ හයාත් එකතු වෙලා #Ask_Laftan_Anlamazඑක්ක හැඩ කරා මතකයිනේ. ඔන්න මේ අවුරුද්දේ #B3 එක්ක වීර් සහ සමීරා එනවා ඔයත් එක්ක වැලන්ටයින් එක සංකේතවත් කරන්න. පුරා අඩ හෝරාවන් 11ක් ඇතුළත එයාලගේ හිතේ කතන්දරේ දැකබලාගන්න අද ඉඳන් ඔයාලට පුළුවන් වෙනවා. පසුගිය වසරේ නොවැම්බරයේ නිකුත් වෙච්ච මේ ආදර කතන්දරේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් තමා වැළඳගත්තේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.7 ක් වගේ දැවැන්ත අගයකුත් හිමි කරගන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. මේ පළමු කොටස් දෙක නැරඹුවට පස්සේ ඒ ගැන ඔයාලත් සහතික වෙයි. එහෙනම් ඉඩ දෙන ගමන්, මීළඟ කොටස් දෙකත් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. නරඹපු අයගේ අදහස් දැනගන්න මනාපයි.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4 thoughts on “Broken But Beautiful [S01 : E01 & E02]| විරහව සොඳුරුයි ප්‍රේමයට වඩා!! (18+)”
Thanks ……………….good luck …………phir se 2015,yariyaan 2014,I am sam 2001…movie vala link eka denna …………………….
ep 2 wenuwata thiyenne ep 8 bro..
hri gassuwa
Thanks Bro..