MENU

Colony [S03: E02] | කඳවුර සොයා ගමනක…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා.

පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කරන්න ගිය විල් සහ ස්නයිඩර් අළු තොප්පි හමුදා සේනාංකයක් දැකගන්න පුළුවන් වෙනවා. ඔවුන්ව අල්ලාගැනීමට පැමිණි බව දැනගත්තු විල් ළමයින් එක්ක නිවසින් පැනයන්න තීරණය කරනවා. ට්‍රක් එක ළගඳි හැමෝම එකතු වෙන්න හිටියත් එතනට පැමිණි ස්නයිඩර් ආපසු හැරී බ්‍රෑම්ගෙ දෙමව්පියන්ට උදව් කරන්න යැයි පවසා නැවතත් කැළයට යනවා. ඒත් ඇත්තටම ස්නයිඩර් යන්නෙ ඔහු ලුහුබඳිනයෙන් පණිවිඩය යවපු සේනානායක හමුවෙන්නයි. මෙතන්දි අපිට බලාගන්න පුළුවන් ස්නයිඩර් බෝමන් ලා සමඟ ආපු සැබෑම අරමුණ, ඒ නැති වුනු ධාරකයා නැවතත් IGA එකට හොයලා දෙන්නයි. නමුත් මේ වැඩේ හොඳටම එපා වුන ස්නයිඩර් මේකෙන් ඉවත් තමන්ට ඕන බව ගාලන්ට කිව්වත් ඔහු කිව්වෙ වැඩේ ඉවර වුනාම ඔහුට මේකෙන් ඉවත් වෙන්න පුළුවන් බවයි. ඉතින් නැවත ට්‍රක් එකට ගියපු ස්නයිඩර් ගැන විල්ට සැකයික් ඇති වෙනවා. නමුත් ස්නයිඩර්ට කොහොම හරි බොරුවක් කියලා බේරෙන්න පුළුවන් වෙනවා. කට්ටිය ට්‍රක් එකෙන් යන ගමන් මේ අතරෙ ගොන්ට්ලට් එක විරුද්ධවාදීනට ලබා දීමට ඔවුන් සමඟ රේඩියෝ සංවාදයක යෙදෙනවා. ඉතින් විරුද්ධවාදින් කියපු පාලම ගාවට එන්න කියනවා ගොන්ට්ලට් එක හුවමාරු කරගැනීමට. ඉතින් එතනට යන අතරමඟ අමුතු දෙයක් ඔවුන්ට සොයාගත හැකි වෙනවා. කඩා වැටුනු යානයක් ඇතුළෙ තිබුන පිටසක්වල මළ සිරුරක්. එතනින් ඉක්මනින් ඉවත් විල් සහ කේටි නැවතත් ට්‍රක් එකට ගිහින් තම ගමන යනවා.

ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.හඳේ තියන කර්මාන්ත ශාලාවට රැප්ලගෙ හතුරන්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ අතරතුර විල් සහ පවුලේ පිරිස ගොන්ට්ලට් එක විරුද්ධවාදීන්ගේ කදවුරට ගෙනියන ආකාරයත් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *