දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී…
නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින්..ඔබ නම් ප්‍රිය රසිකයායි…ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්..මා නම් වෙන කවුරැත් නොවෙයි කර්මයයි…ඉතින් අද මොකද මේ පින් පවු ගැන කතා කරන්න හිතුනෙ නේද?? ඒක මේකයි….කොච්චර මොනව උනත් හොල්මනක් අවතාරයක් කියන්නෙ එහෙමත් නැත්නම් ජීවය සොයන අතරමන් උනු ගන්දබ්බයන්..ගන්දබ්බයෝ අපේ ජිවිතයට ඊරිසියා කරමින් අප වටා සැරිසරන්නෙ අපට ඇල්ම බැල්ම දාන්නෙ අපට පෙරේත කම් කරන්නෙ ඔවුන්ගෙ යටත් පිරිසෙයින් ඔවුනට විය යුතු වූ බුහුමන් නොලැබීම හේතුවෙන්..බලන්න ඔබ වටේටද එවන් ගන්දබ්බයන් සැරිසරනවා ඇති..ඉතින් දුර්වල සිත් ඇත්තන්ට මෙවන් අමනුෂ්‍යයන් අතින් වෙන හානිය මෙතෙකැයි කියා කිව නොහැකි..ගිය දේ ගියාදෙන් උන දේ උනාදෙන් කියන්නට සවියක් නැති වූ කල සිදුවන්නෙ දුකෙහි ගිලීමම පමනයි..මේ කතාමාලාවේත් දෑසට ඇත්ත නැත්ත පෙනි පෙනිත් ප්‍රියයන්ගෙන් වෙන්විම දරාගත නොහැක එය දුකක්ය කියන ධර්ම කරැන මෙනෙහි කරන නිසායි මන් මේ වගේ කතාවක් අද කිවුවෙ.
පෙර කතාංගයෙන් ඇබිගේල්ගේ වෙනස් වීම දකින්න ඇති..ඇත්තටම ඒ ඇබිගේල් නැති ඇයගේ හිස් ශරීර කූඩුවද?වෙන්න පුලුවන්..අවතාරයන්ගෙ සැලසුම නැවත ජීවයට පැමිනීමද..වනය තුලදී ඇබිගේල් සොයා ගත්තෙ ගැබක් වන් කෝෂයක් තුල සිටියදීයි..මටනමි පැහැදිලි සිත්තමක් මනසේ ඇද ගන්න බැරි උනා.ඒ කෝෂය හරහා භූතාත්ම නැවත ජීවයට එනවා වෙන්න බැරිද?හොදයි අපි බලමුකෝ ඉස්සරහට.. රෝමන් ගැන කතාකරද්දි රෝමන්ගේ සාමාජීය පැත්ත කෙමෙන් කෙමෙන් වඒධනය වෙන බවකුයි පේන්න නම් තීන්නෙ…නමුත් එපියනම් ඉවර උනේ නගරයම අදුරට ඇද දමමින්.
හොදයි ඉතින් අද කතාංගයෙන් එතැන් පටන් තමයි ඔබට දැකගන්න හැකියාව ලැබෙන්නෙ.මුලු පෝට් මූරේම අදුරට යද්දී හොල්මන් වඩාත් බලසම්පන්න වෙන්න ගත්තා..ඔවුන් මුලු නගරයම ඔවුන්ගේ යටතට ගැනීමට සමත් උනා..අවතාරයන්ගෙන් මිදී නිදහසේ සිටියා නම් සිටියේ රෝමන් විතරයි… මුලු නගරයටම පල්ලිය තුල සිරගතවීමට සිද්ද උනේ හොල්මන් ප්‍රහාර වලට එරෙහිව වඩාත් ආරක්ෂාකාරී ස්තානය එය බැවින්..නමුත් ඒ පූජනීය බව නිසානම් නෙවෙයි..මේ හොල්මන් වලට පූජනීයත්වය කියන දේ ගානක්වත් නෑ වගේ..ඔයාලම බලාගන්නකෝ ඒ ඇයි කියලා… ඔය අතරේ පිරිස දෙකට බෙදිලා කොටසක් යනවා වේල්ල පිලිසකර කරලා නගරයට නැවතත් විදුලිය ලබාගන්න..විදුලිය ගොඩක් වටින්නේ මොකද මේ අවතාර ප්‍රතිරෝධයක් දක්වන්නෙ විදුලියට නිසායි කියලා දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන… ඉතින් අද කතාංගයෙන් හොල්මන්ගේ දැඩි ප්‍රහාරය , මාකස්ගේ වියරැව , වගේම රෝමන්ගේ ජීවිතය කනපිට හරවන අදුරැ සත්‍යයක් පිලිබදව දැනගැනීමට හැකි වේවි….අවසානය නම් ටිකක් දුක්බරයි…
දුක්බර අවසානයේ අදුරැ සත්‍යය සොයන එක මම ඔබට බාරකරමින් නැවතත් ඊලග උපසිරැසියෙන් හමුවන අදිටනින් අදට සමුගන්නවා…ඔබට ජය!!!!
Torrents Download
| HDTV | x264 |SVA | 190MB |
53E4DFAB5AF9AEC2B64F31F2E9508BBDCB085370