MENU

I Am Not Okay with This [S01 : E01 & E02] | අධිමානසික පිබිදීම!!

 IMDb දර්ශකයේ 15,000 අධික මනාප සංඛ්‍යාවකින් 7.7ක අගයක් මේ වෙනකොට මේ කතාවට අරගන්න පුළුවන් වෙල තියෙනවා. ඒ කියන්නේ ඔයාලම දන්නවා හොදම මට්ටමක රේටින් තියෙනවා, ඒ වගේම හුඟක් අය හොද ප්‍රතිචාර පවා දක්වලා තියෙනවා. සමහර අයට සෙට් නොවෙනවා ඇති මේක, මොකද මේක අමුතුම කතාවක්. ඒක බලන්නත් පින තියෙන්න ඕන. ඒක තේරෙන්න පින තියෙන්න ඕන, මේ වගේ කතා වලට කැමත්තක් තියෙනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. ඉතින් මේ කතාවේ අපි ඉදිරියට රඟපෑමෙන් එක් වෙනවා සිඩ් විදිහට Sophia Lillis (හුඟක් අයගේ ක්‍රස් එකක්), ස්ටෑන් විදිහට Wyatt Oleff, ඩීනා විදිහට Sofia Bryant ඒ වගේම මැගී නොවැක් විදිහට Kathleen Rose සහ තවත් හුඟක් නළු නිළියො අපිට මේකෙන් බලාගන්න පුලුවන්. අධ්‍යක්ෂණය Jonathan Entwistle, නිශ්පාදනය Jonathan Entwistle සමඟින් Charles S. Forsman එකතු වෙනවා. ඒනම් තවත් ඕන නෑ..

කතාව ගැන නොකියා ඉන්නම්. දෙවනි කොටසේ ඉදලා පැහැදිලි කිරීම් ලැබෙයි ඔයාලට. කුතුහලය එක්කම ඒනම් අරගෙන බලන්න. අනික කොටස් හතයි තියෙන්නේ. ඔක්කම විනාඩි විස්සේ විසි පහේ එපිසෝඩ්. පැය දෙකක් හමාරක් යනකොට සිරීස් එකම ඉවරයි. ෆිල්ම් එකක් බැලුවා වගේ තමා. අපේ සහෝදරවරු කිහිපදෙනෙක් එක දිගට කොටස් ටික ගෙනේවි. අනික තමා ඔන්න අපේ බයිස්කෝප් අඩවියේ එකොලොස් වෙනි සංවත්සරය නිසා මේ සිරිස් එකේ ඔක්කම එපිසෝඩ් අද දවස ඇතුලතම ඔයාලට ලැබෙයි.. කොහොමද ඒක නේද? ඒනම් ලෑස්ති වෙන්න බලන්න. අනික මේකේ අසභය වචන භාවිතය වැඩි ඒ නිසා 18+ බැළුවොත් හොදයි.

දෙවන කොටස | සිඩ්නිගේ සාප්පු සවාරිය

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබදවසක්වේවා. ඔන්න ඉතින් අපේ බයිස්කෝප් වෙබ් අඩවියේ උපන්දිනය වෙනුවෙන් ඔයාලට අලුත්ම අලුත් ටීවී සීරීස් එකක් දෙන්න අපි තීරණය කරා. දැනටමත් කට්ටිය විස්තර දන්නවා ඇතිනේ. හිරාන් මලයා මුලින්ම කතන්දරේ කියල ඇති. ඉතින් ඔය කතාව මුලින්ම ඇති වුනේ මායි හිරාන් මලයයි අතර තමා. කොහොමින් කොහොම හරි අවසානෙට සීරීස් එකක් තෝර ගන්න හෙණම කට්ටක් කන්න වුනා. වාද විවාද සෑහෙන ගාණකට පස්සේ ඔන්න අන්තිමට “I Am Not Okay With This” කියන Netflix ලගේ අළුත්ම සීරීස් එකට අතගහන්න තිරණය කරා. මුළින්ම කවිශාල් මලයා නම කියද්දී සෙට් එකම උඩ ගියා. මූ මොකාටද මේ එන්න හදන්නේ කියලා…😅😅 ඊලග කේස් එක අපේ ඇඩ්ඩින් අයියලගෙන් අවසර ගන්න එක තමා. මොකද රී නිව් වෙන අලුට්බ් සීරීස් වලට උපසිරසි ලබා දෙන එක සීමා කරල තියෙන්නේ. ඉතින් හිරාන් මල්ලිව ඇපේට තියලා ඔයාල වෙනුවෙන් අපි වැඩේට අතගැහුවා. සීරීස් එක මග නැවතුනොත් පොරගේ බෙල්ල ගහල යනවා. ඉතින් කීයටවත් මග නවතින එකක් නැතුව එක දිගටම උපසිරසි ඔයාලට හම්බෙයි.

හරි එහෙනන් පළමු කතා කොටසෙදී ඔයාල දකින්න ඇති මේක “End of the Fucking World” වගේම අමුතු රසයක් තියෙන කතාමාලාවක්. ඒක රස විදපු හැමෝටම අනිවාරෙන්ම මේ කතා මාලාව අල්ලලා යනවා. මුල්ම කොටස පොඩ්ඩ්ක මතක් කරගමු. ඔයාලට මතක ඇති සිඩ්නියි නොහොත් සිඩ් ට මානසික බලයක් තියෙනවා. එයා හිතන දේවල් මනසින් කරන්න පුළුවන්. මතක්නේ අවසානෙට ගෙදර බිත්තියත් දෙකට පලලා නැවතුනේ. ඔන්න ඉතින් අද කතා මාලාවේ බලාගන්න පුළුවන් සිඩ්ට වෙන තව ජරමර කීපයක්ම. ඒ වගේම සිඩ්ගෙයි ස්ටෑන්ගෙයි අතර තියෙන හුටපටෙත් ටිකක් දුර දිග යනවා. වැඩිය කියන්න දෙයක් නෑ, මොකද විනාඩි 20ක වගේ ඉතාමත් කෙටි කතා කොටස් තමා තියෙන්නේ.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 960MB | Complete S01 |

Direct Download

| WEBRip | x264 | 720p | 117MB | Episode 01

| WEBRip | x264 | 720p | 146MB | Episode 02

| WEBRip | x264 | 720P | 960MB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *