MENU

Krypton [S02 : E06] | සටනට පෙර සූදානම

මුලින්ම සමාව ඉල්ලන්න ඕනි අපේ බයිස්කෝප් හිතවතුන්ගෙන් මේ සිද්ද උන ප්‍රමාද දෝශයට. ඉතින් කලින් එපියේ ලයිටාගේ ඒ දුක්බර නික්මයෑමෙන් පස්සේ අද කතාවෙදි නම් හැමෝම වගේ මානසිකව වැටුනු සොබාවයක් පෙන්නුම් කරනවා. ඒකත් වැඩියෙන්ම පෙන්නන්නේ සෙග් සහ ජේනා. කොහොම උනත් අද කතාවෙදී ජැක්ස්ට මේ නිදහස් කැරැල්ලේ නායකත්වය අහිමි වෙනවා. ඒ වගේම ඒ තැනට වැල් එල් පත් වෙනවා. කලින් කතාවෙදි වගේම මේකෙදිත් බ්‍රේනියැක් සෙග් ගේ ජීවිතෙ බේරගන්නවා. බ්‍රේනියක් අමුතුම තාලේ සෙල්ලමකට ලැහැස්ති වෙනවා කියලා අද කතාවෙන් පේනවා. ඒ වගේම සෙග් සග බ්‍රේනියක්ගේ උදව් ඇතුව නයීසාට පුලුවන් වෙනවා එයාගේ පුතා කෝර්ව බේරගන්න. හැබැයි කොඩෙක්ස් එක ඩෘ සොඩ් ගේ අතට ලැබෙනවා. ඩෘ කොඩෙක්ස් එක පාවිච්චි කරලා ආයුදයක් තනනවා.

හැබැයි ඒ ආයුදයෙන් වෙන්නේ මොකක්ද? ඩෘ ගේ සැලැස්ම මොකක්ද කියන එක තාම පැහැදිලි නෑ. ඒ වගේම ක්‍රිප්ටෝන් වල අනිත් පැත්තේ ඉදන් වැල් එල් වෙග්තෝර් වල ඉන්න මිනිස්සුන්ව ඩෘ ගේ පලිගැනීමෙන් බේරගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් වැල් ට අමාරු තීරනයකුත් ගන්න වෙනවා. ඒත් මේ එපියෙදිත් අපි හැමෝම ආස ලෝබෝ දකින්න ලැබෙන්නේ නැ. කොහොම උනත් අපි හැමෝම පුන පුනා බලා හිටපු කාටවත් නවත්තන්න බැරි ඒ රාක්ශයා එපිය අන්තිමේදි කතාවට ඔලුව දාලා යනවා. ඔයිට වඩා දෙයක් කියන්න ඕනි නෑ, හැමෝටම කතාව බලන්න ආරාදනා කරනවා.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය..?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| HDTV | x264 | SVA | 185MB |

Direct Download

| HDTV | x264 | SVA | 185MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *