MENU

Leave The World Behind (2014) | හැරයන්නට මත්තෙන්…

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපි EDM කියන්නේ මොකක්ද කියල හොයල බලමු. EDM ගැන නොදන්නා කට්ටියත් ඇතිනේ. EDM නොහොත් Electronic Dance Music කියන්නේ පුළුල් පරාසයක පැතිරුණ එකක් එක දැන් ලංකාවෙත් පොඩ්ඩ පොඩ්ඩ ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ Electronic Dance Music ගොඩක්ම භාවිතා වෙන්නේ Night Club Music Festival වල, (Tomorrowland,Ultra Music Festival වගේ). මේක ගොඩක්ම භාවිතා කරන්නේ DJ කරන කට්ටිය, මේක පටන් ගන්නේ 90 දශකයේ වගේ. නමුත් ඒ කාලයේ මෙය ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනේ නැ. 2002 2004 කාලය වනවිට මේක ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේක US වල ගොඩක් ජනප්‍රිය වුනා.

මේ Electronic Dance Music වල එක එක විභේදන තියෙනවා. ඒවා නමයි Techno, House, Trance, Dubstep වගේ විවිද කොටස් තියෙනවා මේ විවිද කොටස් වලට වෙන් වුන DJ කරන කට්ටිය ඉන්නවා. Techno නම් කට්ටිය අහල ඇතිනේ. හුගක් Electronic Dance Music නිර්මාණය කරලා තියෙන්නේ පරිගණක වලින් මොකද මේවා නිර්මාණය කරන්න පරිගණකයක් වුවමනා කරනවා. සමහර වෙලාවට ඔය EDM Tracks වල Vocal අඩංගුවන්නේ නැ, තියෙන්නේ Music එක විතරයි තියෙන්නේ Symphony වගේ. කලින් අවුරුදු වල වගේ මේ අවුරුදෙත් Sunfest එක තිබ්බා ලංකාවේ. එකේදී ඔය DJ’sලා භාවිතා කරන Track ඔක්කොම Electronic Dance Music වලින් Remix කරපුවා. ඔය ගොල්ලෝ Hardwell, Dimitri Vegas & Like Mike Armin Van Buuren, Tiesto, Martin Garrix, David Guetta ගැන එහෙම අහල ඇතිනේ Animals සින්දුවත්.

අපි එහෙනම් ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියල හොයල බලමු, Don”t You Worry Child කියලා සින්දුවත් අහල තියෙනවද? අහල තියෙන අය දන්නවා මේ සින්දුව කාගේද කියලා මේ සින්දුව Billboard Hot 100 වල 6 වෙනියට අවා. රටවල් ගණනාවක ජනප්‍රිය වූ මේ සින්දුව Swedish House Mafia ලගේ. ඔයගොල්ලෝ බලන්න යන ෆිල්ම් එකත් ඒ ගොල්ලෝ ගැන තියෙන එකක් මේ ෆිල්ම් එක 3 දෙනෙක් වටා තමා ගෙතිලා තියෙන්නේ මේක වාර්තා චිත්‍රපටියක්. ඒ 3න් දෙනා තමයි Axwell, Sebastian Ingrosso හා Steve Angello. මේ තුදෙනගේ කණ්ඩායම තමා Swedish House Mafia කියන්නේ දන් මේ කට්ටිය එකට නැ වෙන් වෙලා ඉන්නේ මේක ඒ ගොල්ලෝ වෙන් වුනාට පස්සේ කරපු චිත්‍රපටියක් ඔවුන් වෙන් වුනේ කොහොමද කියල කියන්න. ඔවුන් හදිස්සියේම 2012 දී නිවේදනය කරනවා ඔවුන් තවදුරත් Swedish House Mafia කණ්ඩායම ඉදිරියට ගෙනයන්නේ නැති බවත්, එය අවසන් කීරීමට මත්තෙන් ලෝක සංචාරයක් කෙරීමට බලාපොරොත්තු වන බවත්, එය ඔවුන් One Last Tour ලෙස හදුන්වනු ලැබුවා. මෙම සංචාරයේදී රටවල් 26 ක ප්‍රසංග 50ක් කිරීමට ඔවුන් සුදානම් උනා. මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඔවුන් ඒ අවසන් කාර්ය අවසන් කිරීමේදී ඔවුන්ට මුහුණදීමට සිදුවු සිදුවීම් මාලාවක්. ඔවුන් අභියෝග වලට මුහුණ දෙනා හැටි ඒවායින් ජය ගන්න හැටි මිතුදමක් පවත්වාගෙන යන්නේ කොහොමද ආදී බොහෝ ජීවිතයට වටිනා කරුණු රැසක් මේ ෆිල්ම් එකේ අඩංගු වෙලා තියෙනවා. සුළු සළු වශයෙන් වැරදි වෙලා ඇති ඒ ගැන මා සමව අයදිනවා. ඉතින් එහෙනම් දැන් කිව්වා ඇති වගේ IMDB එකේ 7.9 Rating එකක් ගන්න හම්බුනා ෆිල්ම් එක නොබලා ඉන්න එපා. මොකද ඔබ සමහර විට EDM වලට කැමතිවේවි. මේ Swedish House Mafia ගැන 2010දීත් ෆිල්ම් එකක් කරලා තියෙනවා එකේ තම හොද කොපියක් හම්බුනේ නැ. හම්බුන ගමන් එකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම මගේ පළමු නිර්මාණයෙන් අදට සමු ගන්නවා යලි දිනකදී හමුවෙන අටියෙන්. හැමෝටම ජය වේවා!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

Direct Download

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *