ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ලූක් කේජ් කතා මාලාවේ මට බාර වුණු හත්වන කතාංගය.. ඉතිං කලින් කොටස ගැන බැලුව නම් දැන් කතාවේ බල අරගලයක ලකෂණ පැහැදිලිව පේන්න තියෙනව කියන කාරණාව පැහැදිලි ඇති.. බුෂ්මාසටර්, මරායා හැමෝම දුවන්නෙ හාලෙම් වල කළුකඩේ කිරුළ හිමි කරගන්න.. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු..
පසුගිය කොටසින්..
බුෂ්මාසටර් පිරාණ පස්සෙ පිස්සුවෙන් වගේ එළවන්නෙ මරාය සතු දේපළ හැම්දේකම බලය පිරාණ සතුවෙලා තියෙනව කියල ඔහු දන්න නිසා.. කොහොමහරි ලූක්ට හැකි වෙනව බුෂ්මාසටර්ගෙ මැර සෙට් එකෙන් පිරාණව බේර ගන්න. ඔහු බේරගෙන ඉන්නකොට ඔහුව නැවත පැහැරගැනීමකට ලක් වෙනව. කොහොමහරි ඒකත් බේරගෙන ලූක් පිරාණව එක්කගෙන යනව ලූක්ගෙ පියා ඉන්න පල්ලියට.. පල්ලියේ පිරාණව නවත්තල ලූක් යනව බුෂ්මාසටර් එක්ක ද්වන්ධ සටනකට. හැබැයි දැක්කනෙ සාධාරණ සටනක් ඉල්ලපු ලූක්ට ලැබුණෙ කූට ප්‍රහාරයක්.. ප්‍රහාරයෙන් පස්සෙ ලූක් පාලමෙන් පහළට වැටිල ගඟේ ගිලෙනව..
අද කොටසින්…
ලූක් ගඟේ ගිලෙන අතරෙ පිරාණ පැයක් බලාගෙන ඉඳල පල්ලියෙන් පිටවෙලා ගිහින්. අවාසනාවට ඔහු බුෂ්මාසටර්ගෙ අතටම අහුවෙලා.. මේ සිදුවීම් අද කතාංගය සම්පුර්ණ කණපිට පෙරලන්න සමත් වෙනව.. බලය එක පසෙකින් අනිත් පසට මාරු වෙනව.. කතාවෙ ඉතා වැදගත් චරිතයක ඔළුවක් පිරාණා මාළු ටැංකියක මාළුකෑම එකක් වෙලා තියෙනව මැදදි බලාගන්න පුළුවන්.. ඒ ඔළුවත් එක්ක කතාවේ ඉතා වැදගත් චරිත තුනක් අද කතා මාලාවට සමු දෙන්නෙ අතිශය ඛේදජනක මිනීමැරුම් තුනකින්.. මරණ පිට මරණ ගොඩගැහෙන මේ කතාංගයේ අවසානෙ බුෂ්මාසටර්, මරායව අල්ලගන්නව.. එතනදි තමයි අතීතයේ ගිනි අඟුරින් පණ ගැන්වුණු ගින්න පැතිරෙන්න පටන් ගන්නෙ.. මේ කතා මාලාවේ මට පැවරුණු රාජකාරිය මෙතෙකින් අවසානයි.. ඊලඟ කතාංගය අපේ සහෝදරයෙක් අරගෙන ඒවි.. එහෙනම් ගිහින් එන්නම්..
ජය වේවා…!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x265 | 720p | 280MB |
| WEB-DL | x264 | 720p | 4.8GB | Complete S01 |
| WEB-DL | x265 | 720p | 3.8GB | Complete S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)