MENU

Money Heist aka La casa de papel [S03 : E02] | දෙවැනි මංකොල්ලයේ ආරම්භය…

2018 නොවැම්බර් 12 තමා අවසාන උපසිරැසිය කලේ. රෑපවාහිනී කතා මාලා වලින් සමුගත්තත් හිටං උපසිරැසියක් කරන්න සෙට් වුනේම නැ. දැන් නම් වෙබ් අඩවියට ගොඩක් අයට එකතු වෙලා කවුරුවත් අපිව අඳුරනවද දන්නෙත් නෑ. ඉතිං ඔය කොහොම වුනත් පරණ පුරුදු අපේ වෙබ් අඩවියට සබකුත් අරං ඕං ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න. ? ? අවුරුද්දකට ආසන්න කාලයක් උපසිරැසියක් නොකර ඉඳලා දැන් පරණ හුරුව ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා පරණ පුරුදු විදිය නම් ගොඩක් අඩු ඇති කියලා හිතනවා. ඒකත් ඉති උපසිරැසිය බලන ඔයාලට තමයි තේරෙනවනං තේරෙන්නේ. නැතුව මට නෙමෙයි. ඒක නිසා පුලුවන් නම් කතාව බලලා කියන්න කොලිටිය බැහැලද කියලා. එහෙනං කතාවට බහින්නං.

Money Heist කතාව බලන්න කියලා සෙට්වුනේ සීසන් දෙකක් ඇවිල්ලත් ගොඩක් කාලයක් ගියාට පස්සේ. යාලුවෙකුගේ තදබල රෙකමන්ඩේශන් එකකට ගියමාසේ තමා කතා බලලා ඉවරයක් කලේ. කොහොම වුනත් මම හිතුවේ නම් කතාව අවසන් වුනු විදියට ඉවරෙටම ඉවරයි කියලා. ඒත් අලුත් කතා සමයකට නව මූල බීජයක් අරගෙන ආරම්භ කෙරුණු මේ නියම කතාවට හවුල් වෙන්න ලැබුනු එක නම් ලොකු සතුටක්. ප්‍රොෆෙසර් කාරයා අන්තිමට ඉන්ස්පෙක්ටර් එක්ක සෙට්වුනු තැනින් අවසන් වුනු කතාවේ ආරම්භය දැනටමත් ඔයාලා බලලා ඉවර කරන්න ඇති. ඉන් පස්සේ රියෝව පැහැරගෙන ගියාට පස්සේ මාස දෙකකින් පසුව තමයි මෙයාලා ස්පාඤ්ඤ රන් සංචිතය කොල්ල කන්න සූදානම් වෙන්නේ. ඒත් මෙදාපාර මුදල් බලාගෙන විතරක් නෙමෙයි මේ දේ සිද්ධ කරන්නේ. තමුන්ගේම කෙනෙක් බේරගන්න අරමුණින්. ඒත් අපිට තියෙන ගැටලුව තමයි කොහොමද මේ මංකොල්ලයත් රියෝගේ බේරාගැනීමත් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා. හැබැයි ඒකට පිලිතුර නම් මේ කතාවේදී බලාපොරොත්තු වෙන්න එපා. ඒක මේක පෙන්නන්නේ නෑ. ඒත් මංකොල්ලය ආරම්භ කරන තැන අද කතාවේ තියෙන්නේ. මෙදාපාර මංකොල්ලයට මෙයාලට ලොකු සපෝට් එකක් ලැබෙනවා. මොකද කිව්වොත් පසුගිය සමයේ මංකොල්ලයේදී ප්‍රාණඇපකාරයෝ ටිකක් මුලින් පැන යන අතරතුරේ හෙල්සින්කිගේ යාලුවා ඔස්ලෝ මැරෙනවා. මෙතනදී මාධ්‍ය ඇතුලට ගෙන්නලා වටපිටාව පෙන්නලා, මංකොල්ලකාරයෝ තමුන්ගේ ජිවිත කතාව ලස්සනට මිනිස්සුන්ට වදින්න කියපු තැන ඉඳන්, මංකොල්ලකාරයෝ පැලඳි වෙස්මූණ අලුත් ගයිඩෝ ෆෝකීස් වෙස්මූණ බවට පත් වෙනවා. යම්කිසි අරගලයක් ,අයිතියක් ඉල්ලීමක්, විරෝධය පෑමක් යන අවස්ථාවකදී මේ වෙස්මූණයි රතු ජම්පර් හුඩ් එකයි සංකේතයක් බවට පත්වෙනවා. මෙදාපාර මංකොල්ලයේදී මේක වාසියකට අරගෙන තමයි මෙයාලා මංකොල්ලය ආරම්භ කරන්නේ.

ඉතිං කතාවේ අවසානය දැකීම ඔයාලට ඉතුරු කරලා මම අදට සමුගන්නවා. පුලුවන් වුනොත් තව අවුරුද්දකින් විතර තවත් උපසිරැසියකින් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.1GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 140MB |

| WEB | x265 | 720p | 340MB |

| WEB  | x264 | 720p | 3.1GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Money Heist aka La casa de papel [S03 : E02] | දෙවැනි මංකොල්ලයේ ආරම්භය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *