MENU

Monsoon Shootout (2017) | මෝසම් වෙඩි තැබීම..

YouTube Trailer එක බලද්දිම නිකන් අමුතුයි. මේ ෆිල්ම් එක ඉස්සෙල්ලම නිකුත් වෙලා තියෙන්නෙ 2013දි. IMDbRate එක 6.5ක්. ඒවගේම මේ ෆිල්ම් එකෙ අධ්‍යක්ෂවරයා තමයි අමිත් කුමාර්. එයාම තමයි කතාව ලියලත් තියෙන්නෙ. ප්‍රසිද්ධ නළු Vijay Varma, Nawazuddin Siddiqui, Neeraj Kabi යන අය තමයි ඉන්නෙ. Nawazuddin ඉන්නවා දැක්ක ගමන් හිතුනා ෆිල්ම් එක අමුතුයි කියල. ඔයාල scared games TV Series එක බලනවා නම් ඒකෙ ගයිතොන්ඩෙයි විදිහට ඉන්නෙ Nawazuddin.

YouTube Trailer එක ගැන කියන්නම්කො. මෙන්න මෙහෙම සීන් එකක් තියෙන්නෙ. පොලිස් නිලධාරියෙක් අපරාධකාරයෙක් පස්සෙ පන්නලා ගිහින් අල්ලගන්නවා. අල්ලගත්තම අපරාධකාරයට වෙඩි තියන්න අවස්තාවක් එනවා. YouTube Trailer එකෙ එච්චරයි තියෙන්නෙ සාරංශයක් විදිහට. යුටියුබ් විඩියො එක ඉවරවෙලා විඩියො එකෙ තවත් විඩියො දෙකකට ලින්ක් දෙකක් දෙනවා. ඒ තමයි වෙඩි තියනව කියල තීරණය කරනවා නම් ඊට අදාල විඩියෝ එක. අනිත් එක වෙඩි තියන්නෙ නැ කියල තීරණය කරනවා නම් ඒට අදාල විඩියො එක. ඉතින් මං වෙඩි තියනවා කියල තෝරගත්තොත් වෙඩි තිබ්බම වෙන්නෙ මොනාද කියල අදාල විඩියො එකෙන් පෙන්වනවා. අනිත් එකෙ වෙඩි තිබ්බෙ නැත්නම් මොනවා වෙයිද කියල පෙන්වනවා.

ටිකක් අමුතුයි නේද.මේ මොන trailer ජාතියක්ද?

හරි ඔන්න එහෙනම් මං කතාවට එන්නම්කො. මේ කතාවේ ඉන්නවා පොහොසත් ව්‍යවසායකයන්ගෙන් කප්පම් ගන්න සෙට් එකක්. ඒගොල්ලො කරන්නෙ සල්ලි දුන්නෙ නැත්නම් අදාල කෙනාව මරල දානවා. ඒකට ඔය මිනිස්සු මරන්න යන්නෙ ශිවා කියල කෙනෙක්. විශේෂත්වය තමයි මේ මනුස්සයා මිනිමරන්නෙ පොරවකින්. පොර කියන්නෙ තුවක්කුවකින් වෙඩි තියන්න ඔනෙ එකෙක්ට පුලුවන්ලු. ඒත් ඒකෙන් මිනිමරන්න හිතේ හයියක් ඔනේලු.

ඒ වගේම මේ කතාවේ පොලිසිය පැත්තෙන් ඉන්නවා ඛාන් කියල පොලිස් නිලධාරියෙක්. ඛාන්ට අපරාදකාරයෙක් හම්බුනාම කවදාවත් පොලිසියට අරන් යන්නෙ නැ… පොරව මරල දාල මොකක් හරි සීන් එකක් කියනවා. අපරාදකාරයා ගාව තුවක්කුවක් තිබ්බා.. වෙඩි තිබ්බා. ඔය කතාව තමා කියන්නෙ. ඒ වගේම පරිවාස කාලේ ඉන්න නිලධාරියෙක් ඉන්නවා මෙන්න මේ නිලදාරියා කරන දේවල් මත තමා කතාව තීරණය වෙලා තියෙන්නෙ. සාරංශයක් විදිහට කිව්වොත් පොලිසියයි ශිවායි අතර වෙන ගැටුමක් තමයි තියෙන්නෙ. ඒත් ඔයාල හිතන දේ නෙමෙ වෙන්නෙ ෆිල්ම් එකෙ. ඒක බලන්නම ඔනේ. ඒ වගේම තමා මේ ෆිල්ම් එකෙන් ලොකු පාඩමක් කියල දෙනවා.

“අපි ජීවිතයේ කරන එක තෝරාගැනීමක් හින්දා ඕනෑම දෙයක් වෙනස් වෙන්න පුලුවන්. තෝරාගැනිම හින්දා මුලු කතාවම උනත් කනපිට පෙරලෙන්න පුලුවන්. ඒ වගේම තමා සමහර දේවල් තියෙනවා අපි තොරාගැනීම කොහොමකරත් කාටහරි වන්දි ගෙවන්න වෙනවා. ඒ හින්දා තමන්ගෙ ජිවිතය පිලිබදව තීරණයක් ගද්දි හොදට හිතල ගන්න ඔනේ!”එහෙනම් හැමොටම ජයවේවා!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 950MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | 720p | 750MB |

HEVC – x265

| HDRip | x265 | 720p | 400MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *