MENU

Nancy (2018) | රැවටීමක්?

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ.

එක් දිනක් නැන්සි රූපවාහිනියේ ප්‍රවෘත්තියක් දකිනවා. ඒ මීට අවුරුදු 30 කට කලින් අතුරුදහන් වූ බෘක් නම් තම දියණිය ගැන හෝඩුවාවක් හොයන ලින්ච් නම් මව්පිය යුවළක් ගැන. බටහිර රටවල පුද්ගලයෙක් අතුරුදහන් වුවහොත්, ඔහු හෝ ඇය මිය ගොස් නැති බව සළකා, යම් කාලයකදී Age progression හෙවත් මේ කාලයේදී අතුරුදහන් වූ පුද්ගලයාගේ පෙනුම මේ යැයි නිර්ණය කල ඡාරූපයක් මාධ්‍යයට නිකුත් කරනවා. ඉතින් නැන්සි මේ ඡායාරූපය දකිනවා. එය දකින නැන්සිට දෙනෙත් අදහගන්න බැරිවෙනවා. මොකද ඡායාරූපයේ සිටින තරුණිය සහ නැන්සිගෙ මුහුණු සමාන නිසා. එක් වරම යමක් මතක් වූ නැන්සි සිය සහතික ඇතුළත් ලිපිගොනුව පරීක්ෂා කර තම උප්පැන්න සහතිකය සොයනවා. එහි උප්පැන්නයක් නැහැ!

ඉතින් නැන්සි හිතාගන්නවා, තමන්ගෙ මව තමන්ට සළකපු විදියෙන් තමන්ව මීට අවුරුදු 30 කට කළින් පැහැරගෙන හදාගන්න ඇති කියලා. ඒ නිසා ඇය ලින්ච් පවුල දුරකථනයෙන් අමතා, තමන් ඔවුන්ගෙ මීට අවුරුදු 30 කට පෙර අතුරුදහන් වූ දුව බව පවසනවා. ඉන් කම්පනයට පත් ලින්ච් යුවලට වහාම ඇය දකින්නට උවමනා වෙනවා. නැන්සි එහි යනවා. නමුත් නැන්සි හිතන විදියට වැඩ කටයුතු සිද්ධ වන්නේ නෑ. ඇයට DNA පරීක්ෂාවකට ලක් වන්නට සිදු වෙනවා. ඒත් එහි ප්‍රතිඵල ලැබෙන්නෙ දින කිහිපයකින්. නැන්සි දන්නවා තමන් කරන්නෙ රැවටීමක් බව. ඉතින් ලින්ච් යුවල නැන්සිව විශ්වාස කරයිද? DNA ප්‍රතිඵල පැමිණි වහාම තමන් බොරුකාරියක් වන බව නැන්සි දන්නවා. ඉතින් ඇය කුමක් කරයිද?

2018 ජුනි 8 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටිය, වැටෙන්නේ Drama/Thriller ගණයට. පැය 1 විනාඩි 27 ක් දිවෙන මෙහි IMDb අගය 6.2/10 වන අතර Rotten Tomatoesඅගය 87% ක්. ගූගල් පරිශීලකයන් 71% කැමැත්ත ලබගෙන, සම්මාන 9 කට නිර්දේශ වී 2 ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ Sitges – Catalonian International Film Festival 2018 හි හොඳම නිලිය ලෙස Andrea Riseborough සහ Sundance Film Festival 2018 හි Waldo Salt Screenwriting සම්මානය Christina Choe දිනාගෙන තිබෙනවා.

විශේෂයෙන් යමක් කිව යුතුයි, මෙම චිත්‍රපටිය, “කථාවක සාම්ප්‍රදායික වීරකම් නොමැති“ ප්‍රධාන චරිතයක් වටා ගෙතෙන කථාවක්. එමෙන්ම එදිනෙදා ජීවිතයේ සිදු විය හැකි සිදුවීමක් අළලා ගෙතුණු කථාවක්. ඉතින් කථාව බලල ඔයාලගෙ අදහසුත් දක්වන්න කියලා ආදරයෙන් ඉල්ලනවා වගේම බයිස්කෝප් අඩවියටත් ස්තූතියි. හැමෝටම ජය….!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | 720p | x264 | 700MB 

Direct Download

| WEBRip | 720p | x264 | 740MB |

| WEBRip | 1080p | x264 | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *