ඔන්න එහෙනම් අරගෙන ආවා Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එකොලොස්වන දිගහැරුම. දැන් නම් ඉතින් ටිකෙන් ටික මේ කතාමාලාවෙ අවසානයට තමා අපි කෙමෙන් කෙමෙන් ලං වෙමින් ඉන්නෙ. තව එපිසෝඩ් කිහිපයකින් මේ කතාමාලාව නිමාවට පත්වෙනවා. මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ ස්කූබි ඩූ චරිතයට අඩසියවසක් සපිරීම නිමිත්තෙන් කියලා මට පසුව දැනගන්නට ලැබුණා. මේ එපිසෝඩ් එකේ සබ් එක කරගෙන යනකොට මාර වැඩක් උනා. සබ් එකේ 75%ක් විතර අවසන් වෙලා තියෙද්දි පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් නිසා හදිස්සියේම පරිගණකය Shut Down උනා. ආපහු අපහසුවකින් තොරව Turn On කරගන්න හැකිවුණත් සබ් ෆයිල් එකට වෙලා තිබුණු දේ නම් හරිම කණගාටුදායකයි. මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවිරහිත වුනු නිසා සබ් ෆයිල් එක Damage වෙලා Open කරගන්න බැරි උනා. ඒ නිසා ආපහු සබ් එක මුල ඉඳලා කරන්න උන නිසා තමා කතාමාලාව ඉවරකරන්න මෙතරම් පමා වුනේ.සිදුවූ ප්‍රමාද දෝෂයත් නිසා වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නෑ.
ඉතින් අද කතාව, ඒකෙ තියෙන්නෙ ස්වර්ණාභරණ සාප්පු වගයක් මංකොල්ලා කැමක් පිලිබඳව. ඉතින් මේ දේ කරන මංකොල්ලාකරු මේ වැඩේ කරන්නෙ තවත් කෙනෙක් ව්දිහට පෙනී හිඳිමින්. එසේ පෙනී සිටින්නෙ සුප්‍රසිද්ධ චරිතයක් වන සියා ෆර්ලර් විදිහට. ඉතින් සියා ඩැෆ්නිගේ යාලුවෙක් නිසා එයා ස්කූබිඩූ සෙට් එකට කතාකරලා තියෙනවා එයාට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න කියලා. මෙන්න මේ පාදම මත හිඳලා තමා අද කතාව ගොඩනැගෙන්නෙ. එතන ඉඳන් එහාට කතාව නරඹන එක මම ඔයාට බාර කරනවා.
සියා ෆර්ලර්(Sia Furler)
සියා ෆර්ලර් කියන්නෙ ඕස්ට්‍රේලියානු ජාතික ගායිකාවක්. මෙයාගෙ අමුතු කොන්ඩ විලාසිතාව නිසා තමා මෙයා ගොඩක්ම ජනතාව අතර ජනප්‍රිය වුණේ. මෙයාගෙ සිංදු යූටියුබ් එකේ එහෙම දක්නට ලැබෙනවා. This Is Acting, 1000 Forms of Fear, Every Day is Christmas වගේ ගීත ඇල්බම විශාල ප්‍රමාණයක් මෙයා නිර්මාණය කරලා තියෙනවා.
එහෙනම් ඊළඟ කතාවත ඉක්මනට අරගෙන එන් බලාපොරොත්තුවෙන් මම මෙලෙස නැවතීමෙ තිත තියනවා.
හැමදෙනාටම තෙරුවන් සරණයි!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.3GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 258MB |
| WEB | x264 | 720p | 3.4GB | Complete S01|