හැමදාම ආදරයෙන්, ලිංගිකත්වයෙන් පරාජය වෙලා හිටිය ඕටිස් කොහොමහරි අන්තිමේදී අර ඕලා කියන කෙල්ලව සෙට් කරගන්නව. ඒ විතරක් නෙමෙයි අන්තිම කොටසේදී කොහොමහරි හාදුවකුත් හුවමාරු කරගන්නවා. ජැක්සන් එක්ක තිබුනු සම්බන්ධය නතරවුන නිසා ඒ ගැන අමතක කරන්න හදපු මේව් ට, හිතේ කොනක හැංගිලා තිබුනු ආදරයක් නැවත උඩට මතුවෙනවා, ඒ ඕටිස් ගැන. ඒකනිසා මේව් ඕටිස්ව හොයාගෙන ගෙදරට එනකොට ඕටිස් සහ මේව් සිපගන්නවා දැකලා මේව් හිත රිද්දවගෙන ආපහු යනවා. එවගේම ඕලාගේ තාත්තත් එක්ක ඕටිස්ගෙ අම්මට තිබුනු සම්බන්ධයත් ඇය අහවර කරනවා. ඒ තමන්ගේ පුතාගෙ අනාගතයට හානියක් වෙයි කියන බය නිසා.
ගලේ ගහලාවත් හදන්න බැරි ඇඩම්ව ග්‍රොෆ් විදුහල්පතිතුමා හමුදා පාසලකට යවනවා. ඒවගේම අන්තිම හරියේ එරික් එක්ක තිබුනු සීන් එකෙන් අපි දැනගත්තා මිනිහත් සමලිංගිකයෙක් කියලා. ඉතින් එරික්ගේ පවා ඇඩම් යනවට කැමැත්තක් තිබුනේ නෑ කියලා අපිට තේරුනා. කලින් සීසන් එක ගැන කිවුවා ඇති වගේ. එහෙනම් අලුත් කොටස් ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
පුරුදු පරිදි Netflix එකෙන් ගෙඩිය පිටින්ම එපි 8ම ජනවාරි 17ත් වෙනිදා අන්තර්ජාලයට මුදාහැරියා. දැනට IMDb අගය 8.3ක් තියෙනවා. ඇත්තම කියනවනම් කලින් සීසන් එකට වඩා හිතට වදින්න මෙදා පාර සීසන් එක හදලා තියෙනවා.යථාර්තය පැහැදිලි කරලා දීලා බොරු මානසික මතවාද වලින් දුරස් කරලා දාලා තියෙනවා මේක බලන හැමෝවම. ඒවගේම හැමදාම Netflix ලා කරනවා වගේ කතාව එකතැන පල් නොකර අපි නොහිතන පැත්තකට තල්ලු කරලා දැම්මා අවසානයේ. ඉතින් ඒ ලස්සන අවසානය කියන්න හොඳනෑනෙ… අවසානයට ආරම්භය මේ කොටසින් අරගන්න කියන ගමන් මං මෙ ලිපිය ඉවර කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.6GB | Complete S02
| WEB | x264 | 720p | 2.6GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)



