MENU

Supernatural [S14 : E13] | තවත් එක් වරක් මුණගැහෙන්නට…

පසුගිය කොටසින්

ඩීන්ගේ සැලසුම මොකක්ද කියලා දැනගත්තට පස්සේ සෑම් එයාට උදව් කරන්න පොරොන්දු වුනානේ. ඉතින් එයා සැලසුම් කරපු විදිහට මේ අය පැසිෆික් වලට යන ගමන් හිටයෙ. මේ අතරතුර තමයි සෑම් කේස් එකක් හොයාගන්නේ මේ දෙන්නට විසදගන්න. වැඩේ කියන්නේ මේක සෙට් වුනේ මේ අය ගමන් කරපු පාර අතරමයි. ඩීන්ගේ නම් ඒ හැටි හිතේ මනාපයක් තිබුනේ නැහැ මැරෙන්න යන අස්සෙ කේස් විසදන්න යන්න. හැබැයි මේ දෙන්නා කොහොමහරි මේක විසදන්න ගියා. කැස්ටියෙල්ගේ වැඩ නිසා ලෙඩ ඇදට වැටිලා ඉන්න ඩොනටෙලෝ ඉනෝකියන් කොදුරන දේවල් ඩොනටෙලෝගෙන් පස්සේ දිවැසිවරයා වෙන්න හිටිය ටෝනිට කොහොමහරි ඩොනටෙලෝ කියපු දේවල් ඇහෙන්න පටන් අරන් මිනිස්සුන්ව බිලි දෙන්න පටන් අරන් තිබුනේ. ඒ කොටසට අනුව දෙවැනියට බිලි වුනේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ගේ එක්කෙනෙක්. ඉතින් මේ නිසාම සෑම් ඩීන් දෙන්නා මේ වැඩේට අතගහපු වෙලාවේ ඉදන් හුගාක් දුරට හැගීම්බර විදිහට තමයි සිදුවීම් පෙළ පෙන්නුම් කලේ. කොහොමහරි ටෝනිව හොයාගෙන යද්දී ඒ වෙලාවේ ගිනි තියලා මරන්න හදපු කෙනාත් සෑම්, ඩීන් දෙන්නා එකතු වෙලා  බේරගත්තත් මේ අයට ටෝනිව බේරගන්න බැරි වෙනවා. මොකද තමන් තවත් කෙනෙක්ගේ වචන ටිකක් ඇහිච්ච පමණින් මිනිස්සු මරපු නිසා එයාටම එපා වෙඩි තියාගෙන මැරුණා. මේ දේවල් වෙන්න හේතුව ඩොනටෙලෝ ජීවීතයත් මරණයත් අතර ජීවීතයක් ගත කරන බව තේරුම් ගත්ත සෑම්, ඩීන් දෙන්නා කෑස්ගෙත් උදව්ව ඇතුව ඩොනටෙලෝ නැවතිලා හිටිය රෝහලේදී එයාව සනීප කරලා මෙච්චර කාලයක් පුරාවටම සිහියක් නැතුව හිටිය ඩොනටෙලෝව ආයෙමත් වතාවක් ජීවීතේට ගෙන්නුවා.

ඩීන් මයිකල් එක්ක පන පිටින් ගිලෙන්න ගිය එකට සෑම් හුගාක් දුකෙන් හිටියෙ. ඔයාලම දකින්න ඇතිනේ දුක කොච්චරද කියනවනම් එයා ඩීන්ටත් හයියෙන් වතාවක් ගහනවා. කොහොම කොහොමින් හරි ඩීන්ගේ හිත අන්තිමේදී වෙනස් විදිහට අනංමනං කියලා සෑම් එයාගේ හිත වෙනස් කරලා ඩීන් ඒ වෙලාවේ පෙට්ටියක් ඇතුලේ ගිලෙන්න ගිය අදහස අතහැරලා දාලා සෑම් වගේම කෑස් එක්ක ආපහු වතාවක් බංකරයට එනවා. මේ වෙද්දී ඩොනාගේ වෙඩි කාපු නික් පොලිස් හිර බාරයේ ඉස්පිරිතාලෙ ඉදලා එතන හිටිය නිලධාරියටත් පහර දීලා එතනින් පැනලා එනවා එයාගේ කලින් ගෙදරට. හැබැයි එයා එන්නේ වෙන කවුරුවත් හොයන් නෙවෙයි ලූසිෆර්ව හොයාගෙන. මේ ගැන එතන හිටිය නික්ගේ මැරුණු බිරිදගේ අවතාරය පවා දැනන් හිටියා. ලූසිෆර් එහෙ හිටිය නැති නිසා එයා එහෙන් පිටවෙලා ආවා ලූසිෆර්ව හොයාගන්න අරමුණින්. මීට කොටස් කිහිපයකට කලින් අපිට දැකගන්න ලැබුණා ලූසිෆර්ට ආයෙම වතාවක් ජීවය ලැබුනා නික්ගේ යාච්ඤාවන් ඇහිලා. බලමු ඉස්සරහට මේ දෙන්නට දෙන්නා ආයේ මුණ ගැහෙවිද කියලා.

අද කොටස අරන් එන්න කලියෙන් දෙයක් කියන්න තියෙනවා. මොකද අද සුපර්නැචුරල් රසිකයින්ට විශේෂ දවසක් වෙන නිසා. හරියටම 2005 සැප්තැම්බර් 13’වැනිදා ප්‍රථම වතාවට ප්ලොට් කොටස, ඒ කිව්වේ මුල්ම කොටස විකාශය කරපු සුපර්නැචුරල් කතාමාලාවේ 2019 පෙබරවාරි 07’වැනිදා, ඒ කිව්වේ ඊයේ දවසෙ මේ කතාමාලාවේ 300’වැනි කොටස විකාශය කරනු ලැබුවා. එතකොට අපේ වෙබ්අඩවිය හරහා මුල්ම වතාවට මේකට MDG සහෝදරයා කතාසමයන් 10 ක් පුරාවටම උපසිරැසි අරගෙන එන්න තීරණය කරපු මුල්ම අඩිතාලම වැටෙන්නේ 2013 නොවැම්බර් 27 අරන් ආපු සුපර්නැචුරල් මුල්ම කොටසේ සිංහල උපසිරැසිය එක්කයි. ඉහින් අරන් එන 14 වැනි කතාසමයේ 13 වැනි කොටසින් තමයි කොටස් 300 සම්පුර්ණ වෙන්නෙ.

අද කොටස තුලින්

කතාව කියන්න දෙයක් නැහැ. මේ වෙද්දී දන්නවා ඇති අද කොටසට ජෝන් වින්චෙස්ටර් එනවා කියලා. හැබැයි ඉතින් හිතන්නෙවත් නැති හරි අපූරු විදිහටකට තමයි එන්නේ. ඉතින් මේ අවස්තාව ගත කරන්න ලැබෙන මේරි, සෑම් වගේම ඩීන්ට මේක හරිම අපූරු විදිහක සංවේදී අවස්ථාවක් වෙනවා. කියන්නේ මොකටද බලලම ඉන්නකෝ.

මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!

——
අද කතාවේ නම “Lebanon”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: – Andrew Dabb & Meredith Glynn
විකාශනය වුනේ: 2019 පෙබරවාරි 07
මීලග කොටසින්: “N/A” | 2019 N/A

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

Direct Download

| HDTV | x264 | SVA | 230MB |

| HDTV | x264 | 480p | 120MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *