MENU

The Blacklist [S06 : E19] | රස්වෙට් (හෙලිදරව්ව)…

පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් ඒකට කිසිම සම්බන්ධයක් නැති දෙයක්. මට හිතුන විදියට නම් මේක රෙඩින්ටන්ගේ අනන්‍යතාවය හෙලි කරගන්න එකට එක් කරපු අතුරු කතාවක්. මතකනේ ඩෙම්බේ එලිසෙබෙත් ගැන ඇත්ත හංගපු නිසා ඒ දෙන්න අතරේ හිත් අවුලක් ඇති වෙනව. ඒක නිසා. ඩෙම්වේ රෙඩින්ටන්ව අතහැරලා යන්න යනව. තවත් දෙයක් පහුගිය කොටසෙ අපිට දකින්න ලැබුන. රෙස්ලර් හෝඩුවාවන් පස්සේ යන අතරේ රෙස්ලර්ට රුසියානු ඔත්තුබලන අය හමුවෙනවා. කතාවෙ අන්තිමට රෙස්ලර් හොයාගන්නවා එලිසෙබෙත්ගෙ සීයා. ඒත් එතනින් එහාට රෙස්ලර්ට යන්න බැරි වෙනව. ඒත් රෙස්ලර් හොයාගත්ත දේවල් එලිසෙබෙත්ට හෙලි කරනවා. එලිසෙබෙත් කලින් ඒ කෙනාව මුන ගැහිලා තියනවා. ඒත් ඒ තමන්ගේ සීයා කියලා දැනන් හිටියේ නෑ. ඉතින් හැම දෙයක්ම විසදගන්න, හැම දෙයක්ම දැන ගන්න පුලුවන් කෙනා තමා එයා. ඒක නිසා එලිසෙබෙත් සීයව හම්බෙන්න යනවා.

එතනින් තමා අද කතාව ආරම්භ වෙන්නෙ. දැන් ඉතින් අද කතාව ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද අද සම්පුර්ණයෙන් තියෙන්නේ රෙඩින්ටන්ගේ ජීවිත කතාව. එහෙම නැත්නම් එලිසෙබෙත්ගෙ සීයා ලිස්ට ඒ ගැන කියන කතාන්දරය ගැන. නිකන් ඒ ගැන අනං මනං කියල කතාව ස්පොයිල් කරන්න ඕනේ නෑනෙ. ඒක නිසා බලලම ඉන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDTV | x264 | SVS | 240MB |    

Direct Download   

| HDTV | x264 | SVA | 240MB | 

| HDTV | x265 | 720p | 170MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *