MENU

The Chilling Adventures of Sabrina [S01 : E01] | දෙලොවක අතරමං වුණු සබ්‍රිනා මායාකාරී…

ඔන්න එහෙනම් මේ පාරත් වගේ අලුත්ම කතාමලාවක් අරගෙන එන්නයි මේ සුදානම.නම නම් අහල පුරුදු නැතිව ඇති සමහරුක්ට. මං හිතනවා සමහරු”Riverdale” බලලා ඇති කියලා. අන්න එම කතාමාලාවේ Spin-Off කතාමාලාව තමයි මෙය. ඒවගේම තමයි මෙය Netflix ආයතනයේ වැඩක්. දැනට සියලුම කොටස් වාගේ අන්තර්ජාලයෙන් අරගන්න හැකියාව තියෙනවා. ඒවගේම තමයි ලිපියේදී මම කොමික් පිළිබද දැනුවත් කරලා ලිපිය දික් කරගන්න යන්නේ නැහැ මොකද කිව්වොත් කොමික් හි තිබෙනවාට වඩා වෙනස් විදියටකට තමයි මෙය යන්නේ. කෙටියෙන් කිව්වොත් Reboot එකක් වගේ. Drama | Fantasy | Horror කාණ්ඩයට අයත් වෙන මෙම කතාමාලාව හට IMDb අගය 8 ක අගයක් සහ කුණු තක්කාලි අගය 90% වගේ අරගන්න සමත් වෙලා තියෙනවා.ඇත්තටම කිව්වොත් මෙය හොද කතාමලාවක් කිව්වොත් නිවැරදියි. මට අනුව නම් හීතලට අල්ලලා ගිය කතාමලාවක්.උපසිරැසකරුවන් කිසිප දෙනෙක් කැටුව මෙම කතාමලවට ඉක්මණින්ම වගේ උපසිරැස ලබාදෙන පොරොන්දුව ඇතිව කතාව පැත්තට හැරෙමු,

ග්‍රීන්ඩෙල් කියන්නේ හැමදාමත් හැලොවින් වගේ දැනෙන කුඩා ටවුමක්.මෙහි ජිවත් වෙනවා සබ්‍රිනා නමැති තරුණ කෙල්ලෙක්. ඒවගේම තමයි මේ කෙල්ල හරිම විශේෂ කෙනෙක්.ඒ කිව්වේ ඇයගෙ අම්මා මනුෂ්‍යයෙක් ඇයගේ තාත්තා ඉන්ද්‍රජාලිකයෙක්. ඉතින් මේ සබ්‍රිනා මනුෂ්‍ය සහ මායා යන දෙකම අඩව පිහිටලා තියෙන්නේ.ඉතින් දැන් ඇය 16 වෙනි වියට පියන්මන්නයි යන්නේ. ඉතින් එදායින් පස්සේ ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.මොකද ඇයගේ මනුෂ්‍ය ජිවිතයට සමු දීලා සම්පුර්ණ මායාකාරියක් වෙන්න සිද්ධ වෙනවා. මොකද එය තමයි මායාකරුවන්ගෙ නීති පොතේ තියෙන්නේ.ඉතින් අර උඩ කියපු හේතුව නිසා මැය විශේෂ කෙනෙක් වෙනවා. ඒවගේම තමයි මැට මනුෂ්‍ය ලෝකයේ පණ වගේ ආදරය කරන යහළුවෝ වගයක් ඉන්නේ. ඒ තමයි සබ්‍රිනාගෙ පෙම්වතා කිංකන්. ඇයගේ යෙහෙලියන් වන සුසී සහ රෝස්.ඉතින් ඇය 16 ට පිරිනමුවට පස්සේ මෙයාලට සදාකාලිකවම වගේ සමුදීමට සිද්ධ වෙනවා. හැබැයි ඇය මේකට කැමති නැහැ.ඇයගේ නැන්දලා දෙන්න උත්සහ කරන්නේ මෙයාව මායකාරියෙක් කරන්න. ඕන්න ඔය අතරේ තමයි වෙනත් නපුරු මායාකාරියෙක් එනවා එක්තරා විශේෂ රාජකාරියකට. ඒ තමයි සබ්‍රිනා මේ බෞතීස්ම කරන වැඩේ නවත්තල දාන්න.ඉතින් අපි බලමුකෝ මැයට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා.

දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ”Riverdale කතාමාලාවටත් උපසිරැස ලබදෙන්නකෝ කියන ඉල්ලීම. ඉතින් මෙන්න ඇය වෙනුවෙන් තමයි මේ ටික කියන්නේ.අවංකවම එම කතාමාලාව හට උපසිරැස ලබාදෙන එක බොරු වැඩක්.මොකද CW කියන්නේ මෙවැනි අඝනා කොමික් කතාමාලාවන් බලන්න බැරි වෙන තත්ත්වයකට පත්කරන චැනල් එකක් කිව්වොත් නිවැරදියි.හැබැයි ඉතින්ස මහරුක්ට නම් එහෙම නැහැ.CW කිව්වොත් වෙන මුකුත් ඕන නැහැ.ඉතින් Riverdale කතාමාලාව යන්නේ මෙම නාලිකාවේ. ඇත්තටම කිව්වොත් එම Riverdale කතාමාලාව වෙනස් CW හැර වෙන චැනල් එහෙක ගියා නම් අනිවාර්යෙන්ම උපසිරැස සපයනවා. නමුත් CW එකේම විකාශනය වෙන Supernatural කතාමාලාව වගේ දිගටම අදින ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ.සීසන් 10 ක් වත් එයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඉතින් අවංකවම එය උපසිරැස සපයන කෙනාටත් එපාම වෙන කාර්යයක්. හැබැයි ඉතින් මෙය වෙන්නත් පුළුවන්නො වෙන්නත් පුළුවන්. ඒවගේම තමයි කතාමාලාව මෙතරම් දිගක් අදිනකොට බලන්න එපා වීමක් තියෙන්නේ. ඕන්න ඔය කියපු කරණු නිසා තමයි එකට නොදෙන්නේ. එහෙනම් ඉතින් නැවතත් ආරාධනා කරනවා මෙම අපූරු වෙනස්ම රසයක් තිබෙන කතාමාලාවට එන්වෙන්නයි කියලා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE | 327MB |

Direct Download

| WEBRip  | x264 | 480p | 201MB |

| WEBRip  | x264 | STRiF| 327MB |

| WEBRip | x264 | AFG | 524MB |

| WEBRip | x265 | 720p | 360MB | PSA | 10Bit

WEBRip | x265 | 1080p | 760MB | PSA | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Chilling Adventures of Sabrina [S01 : E01] | දෙලොවක අතරමං වුණු සබ්‍රිනා මායාකාරී…

  • Kaviya..

    Outpost tv series ekatath sub deeepallako…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *