MENU

The Dragon Prince [S03 : E09] | අවසන් සංග්‍රාමය..!

ඉතිං ඔන්න බලාපොරොත්තු වුණා වගේම අවසාන කතාංගයට ඇවිල්ල ඉන්නෙ. මෙතෙක් කතාව දැක්කනෙ. විරන් මේ වෙනකොට, ලක්ස් අරියා වල සූර්‍ය බල මූලාශ්‍රයේ බලය පවා හොරකම් කරල මහ බලවත් යක්ෂ හමුදාවක් හදාගෙන ඉන්නෙ. ක්ලෝඩියා පියාගේ පාර්ශ්වය තෝරා ගනිද්දි, සොරේන් මකර කුමරුගේ පාර්ශ්වය එක්ක එකතු වෙලා සටනට සූදානම් වෙනව. මේ හැමදේම මෙහෙම වෙන අතරෙ, මකර රැජිණ තාමත් ඉන්නෙ නිද්‍රාශීලි වෙලා.

මම කලින් කිව්ව, රෙයිලාගෙ ගමේ පොකුණෙ තිබුණු මල් වලින් එකක් ඇයි බාගෙට ගිලිල තියෙන්නෙ කියල කියන්නම් කියල. ඒ තමයි රුනාන් වෙනුවෙන් එතාරි ලබා දුන්නු මල. මුල්ම කතා සමය මතකනම්, විරන්.. රුනාන්ව මැරුවෙ නෑ. ඒ වෙනුවෙට ඔහු කළේ රුනාන්ව කාසියක් ඇතුළෙ හිර කරපු එක. මේ වගේම තව කීපදෙනෙක් ගැන මට සැකයක් තියෙනව, තාම මැරිල නැතුව ඇති කියල. ඒ තමයි.. රෙයිලාගේ දෙමාපියන් සහ හැරෝ රජු. මේ අය තාමත් ජීවත් වෙනව ඇති කියල හිතන්න පුළුවන්.. රුනාන් ගැන බලනකොට. ඉතිං මේ අවසාන මහා සංග්‍රාමය හිතන තරම් පහසු එකක් වෙන්නෙ නෑ. ක්ලෝඩියා පියාගෙ පාර්ශ්වය වෙනුවෙන් දරුණු විදියට සටන් කරද්දි, සොරෙන් තමාගෙ හෘද සාක්ෂියට අනුව නිවැරැදි පැත්තෙ සටන් කරනව. ඒ වගේම රාජකීය ආරක්ෂකයෙක් විදියට ඔහු සිය වගකීම අකුරටම ඉෂ්ට කරනව. ඒ වගේම තමයි රෙයිලා, ඇය තමයි අවසන් මකර ආරක්ෂකයා. ඇයත් තමන්ගෙ ජීවිතේ පරදු තියල සටන් වදිනව සිම්ව බේර ගන්න. මේ අතරෙ අපි නොදැක්ක බලයක් අද කැලම් තුළින් දැකගන්නත් පුළුවන්.

එතකොට “ඇරවොස්” මේ හාදයට මොකද වෙන්නෙ. මෙච්චර කාලයක් පණුවෙක් වගේ හිටපු ඇරවොස් යම් දෙයක් බවට පත් වෙමින් ඉන්නව. බොහෝවිට ඊලඟ කතා සමයක් නිර්මාණය වෙනවනම්, ඒ කතාව ඇරවොස් හා ඍජුවම සම්බන්ධ වෙන බව ක්ලෝඩියා අවසාන වශයෙන් කියන වචන කීපෙන් පැහැදිලි වෙනව. “ඒක වෙනස් වෙනව!” ඒක තමයි ක්ලෝඩියා මේ කතාංගය අවසානයේ කියන්නෙ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 344MB | E09 |

Direct Download

| WEB | x264 | 480p | 220MB | E09 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Dragon Prince [S03 : E09] | අවසන් සංග්‍රාමය..!

  • Lasindu2002Isindu

    Mr. Pride Vs Miss Prejudice sub aka dhanna puluwandha udhayanga aiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *