MENU

The Outsider (2020– ) [S01 : E01] | “ෆ්‍රැන්කී පීටර්සන්ගේ අභිරහස් ඝාතනය”

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්.

මේ රූපවාහිනී කතා මාලාවේ නම වෙන්නේ The Outsider කියල. මේක රූපවාහිනියේ විකාශයට පටන් ගත්තේ 2020 ජනවාරි 12 වෙනිදා. මේ වෙන කොට මේ කතාවේ කොටස් දෙකක් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතා මාලාව විකාශය වන්නේ අපි හැමෝම වගේ දාන්න HBO නාලිකාවේ. මේ කතා මාලාව නිර්මාණය කරන්නේ Riched Price කියන පුද්ගලයා තමයි. මේ කතාව අයත් වෙන්නේ ඇත්තටම කිව්වොත් Serial, Crime, Horror කියන කාණ්ඩයට. මේකට රංගනයෙන් Ben Mendelsohn, Jason Bateman, Cynthiya Erivo වගේ අය දායක වෙලා තියෙනවා. මේකට IMDB ආයතනය විසින් 9.1 ක රේටින් එකකුත් ලබා දීල තියෙනවා. එකෙන්ම අපිට පැහැදිලි වෙනවා මේක කොයි තරම් හොද කතා මාලාවක්ද කියල. අපි එහෙනම් පොඩ්ඩක් බලමු මේ කොටසේ මොකද වෙන්නේ කියල කෙටියෙන්.

මේ කතාවෙදි අපට හම්බ වෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියල ක්‍රීඩා පුහුණුකරුවෙක්. වැඩේ කියන්නේ මේ කාලයේ ෆ්‍රෑන්කී පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනය කරනවා. එකට අහු වෙන්නේ මේ ටෙරී කියන කෙනා තමයි පොලිසියට තියෙන සාක්ෂි අනුව. එත් ටෙරී ට පැහැදිලිවම සාක්ෂි තියෙනවා එයා මේ ලමයව මැරුවේ නෑ කියන්නත් එයා හිටියේ වෙන දිහාවක කියන්නත්. පොලිසියටත් මේක හිතා ගන්න බෑ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ අභිරහස කොහොමද විසදෙන්නේ කියල මේක බලලම දැන ගන්න. මේකේ ඕගොල්ලෝ මුල් විනාඩි 10 බලනකොටම මේ කතාව හිතල අල්ලලා යයි කියල මන් හිතනවා.

නම – The Outsider
කතා මාලාවේ කොටස – 01 කොටස
විකාශය වූ දිනය – 2020 ජනවාරි 12

එහෙනම් අපි මේකේ ඊලග කොටසක් එක්ක ඉක්මනටම හම්බෙමු. එතකන් ඔබට සුභ දවසක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 190MB |

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | SD | 190MB |

x265

| WEB | x265 | 720p | 150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *