හරි ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ ටෙරර් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අවසාන කතාංගය නැත්තං දහවෙනි කොටස. කතාවෙ විස්තර කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න තියෙනව. මගෙ අතට මේ කතා මාලාව එන්නෙ විමාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව..ඉතිං මම මේක එක පයින් බාර ගත්තෙ මම මාරම ආසාවෙන් බලපු කතාමාලාවක් නිසා. ඉතිං ඒ නිසා මේ අවසාන කතාංගයේ දි මම ශාන් විමුක්ති(විමා) බොහොම ලෙංගතුව සිහිපත් කරනව මේ කතා මාලාව මට ලබා දීම වෙනුවෙන්. ඒ වගේම තමයි නමවැනි කතාංගය අරගෙන ආපු අචින්ත උදයංග සහෝදරයාටත් මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා. මුල් කතාංගයේ ඉඳල හැම කතාංගයකදීම අදහසක් දක්වපු 30ක් හෝ ඊට ආසන්න පිරිසක් මේ කතාව වටා හිටිය.. ඒ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනව මාව දිරිගැන්වීම වෙනුවෙන්. ඒ වගේම සෑම කතාංගයක්ම 1000+ පිරිසක් නරඹනව කියල බාගත කරන පිරිසෙන් දැනගන්න ලැබුණ.. ඒ හැමෝටමත් ස්තූතියි.. මම මේ කතා මාලාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.. භාෂාව සෑහෙන සංකීර්ණයි.. එක කතාංගයක උපසිරැසියක් කරන්න මට සෑහෙන වෙලාවක් ගතවුණා.. කොහොමද නමුත් ලැබුණු ප්‍රතිචාර වලට මම ස්තූතිවන්ත වෙනව..
ඒ වගේම තමයි මතක් කරන්න ඕනෙ මේ කතා සමය දෙවැනි කතා මාලාවකට දීර්ඝ කළා කියන සුබ පණිවුඩයත් මේ මොහොතේ ඔබට දැනුම් දෙන්න ඕනෙ. පළමුවැනි කතා සමයේ කිසිදු චරිතයක් ඔබට දෙවැනි කතා සමයේදී හමුවෙන්නෙ නම් නැහැ. ඒක වෙනස් තේමාවක් රැගත් අලුත් කතාවක් විදියට තමයි විකාශනය වෙන්නෙ.. මම හොයාගත්ත විස්තර වලට අනුව නම් දෙවැනි කතා මාලාව තුළ දිගහැරෙන්නෙ, දෙවන ලෝක යුධ සමයේ ජපන්- ඇමරිකා අරගලයක් සමබන්ධව කියල තමයි සඳහන් වුණේ. ඒක මීට වඩා වෙනස් කතාවක් වෙයි කියල නම් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තාම විකාශනය වෙන දිනයක් ගැන නම් සඳහන් කරල නැහැ. කෙසේවෙතත් ඒ කතා සමයත් මම හෝ බයිස්කෝප් වෙනත් සහෝදරයෙක් ඔබට අරගෙන ඒවි.
පසුගිය කොටසින්..
කලින් කොටස බලපු අය දන්නව හිකී සහ පිරිස ප්‍රධාන පිරිසෙන් වෙන්වෙලා වෙනම කඳවුරු බැඳගෙන ඉන්නෙ කියල. ඒ විතරක් නෙවෙයි පසුගිය කොටස තුළදි කැප්ටන් ෆිට්ජේම්ස් ඇතුළු පිරිසක් ජීවිතයෙන් සමුගත්ත. ටෝමස් පිරිසෙන් වෙන් වෙලා වෙනම ගියා.. පෙනුණු විදියට නම් ඔහු අවසාන මොහොතේ මෘගයගේ ගොදුරක් බවට පත් වුණා. ඒ වගේම හිකී කියන්නෙ කවුද කියන කාරණාව මේ වෙනකොට බොහොම පැහැදිලිව පේන්න තියෙනව. ඔහු බිලී ඒ කියන්නෙ තමන්ගෙ පෙම්වතා මරල මස් කරල කන්න තරම් සෑහෙන කෲර වුණා දැක්කනෙ. ඒ තමයි ඇත්තම හිකීගෙ ස්වභාවය. පණ බේරගන්න ඕනම ජාතියක පහත් වැඩක් කරන්න ඔහු සූදානම් කියන කාරණාව ඒකෙන් පැහැදිලිව පෙණුන. අවසානෙදි ඔහුගෙ පිරිසක් ගිහින් කැප්ටන් ක්‍රොසියර්ව අල්ලගන්නව. එතනදි හිකීගෙ හෙංචයියෙක් තියපු වෙඩි පාරකින් හාට්නෙල් මැරෙනව. ක්‍රොසියර් ලුතිනන් එඩ්වඩ් ලිට්ල්ට නියෝගයක් දෙනව තමන් එනකං බලන් ඉන්නෙ නැතුව දිගටම ගමන් කරන්න කියල.
අද කතාවෙන්..
මම ලොකුවට විස්තරයක් කියන්නෙ නෑ.. අද තනිකරම මරණය රජ කරන කතාංගයක්. හැමදේම ශූන්‍ය වෙනව කියල කිව්වොත් හරියටම හරි. අද දවසෙදි මෙතෙක් කතා මාලාවේ මෘගයගෙන් එල්ල වෙන දරුණුම ප්‍රහාරය එල්ල වෙනව.. භීෂණයේ උපරිමය අද කතාංගය තුළ ගැබ් වෙලා තියෙනව. මරණය හැම තැනකම විසිරිලා යනව. මීට වඩා විස්තර ඕන නැහැ. ඔබටම මේ හැම දෙයක්ම අද බලාගන්න අවස්ථාව දීල මමත් භීෂණය අවසන් කරල සමුගෙන යනව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මාත් එක්ක මෙතෙක් රැඳුණු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.. ජය වේවා.. !
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x264 | DEFLATE | 300MB |
| WEB-DL | x265 | 720p | 218MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “The Terror [S01 : E10] | නැතිවුණු දිව, යටිපතුලේ මස් සහ මරණය..”
Thanks !!!!!!!!!!!!!!!
thankz bro
Download karanna be link akak denna