ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් ? ඒත් රුසෝ බ්රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ? මිට කලින් හසන්ත අයිය හෝව්ක් සහ ඩොව් ගැන දීපු විස්තරයක් ආයෙමත් පලකරනවා. මොකද අද කතාවේ නම හෝව්ක් සහ ඩොව්. අද කතාංගයට මේ මොහොත වෙනකොට නම් IMDB 9.1ක අගයක් ලැබිලා තියෙනව. ඒ වගේම අද කතාව නිලුපුල්ට තමා කරන්න තිබ්බේ ඒත් මිනිහා තිබ්බ ලොකු පොල්ලක්. ඒ නිසා ආයෙත් DC පිලේ දෑත් සවිමත් කිරීම වෙනුවෙන් උපසිරැසිය අරගෙන ආව.
කවුද මේ Hawk and Dove කියන්නේ?
සුපිරි වීරයින්ගේ කැටගරිය යටතේ ඇමරිකානු කොමික් චිත්‍රකතා පොත්වල හොදම සාර්ථකත්වයක් ලබාගත්ත “Silver Age of Comic Books” කියන අනුවර්ත නාමයෙන් හදුන්වන කාලෙක නිර්මාණය වුනු චරිත දෙකක් තමයි මේ හෝව්ක් හා ඩොව් කියන්නේ. Steve Ditko හා Steve Skeates දෙදෙනාගේ අදහස මත තමයි මේ අපුරු චරිත දෙක නිර්මාණය වෙන්නේ. මේ විදිහට චරිත බිහි වීමෙන් අනතුරුව මුල්ම වතාවට 1968 ජූනි මාසේ Showcase #75 කොමික් චිත්‍රකතා වලින් තමයි මේ දෙන්නව දකින්න ලැබුනේ. මේ විදිහට නිර්මාණය වුනු මේ චරිත Teen Titans, Birds of Prey,වගේම Brightest Day වගේ කොමික් චිත්‍රකතා වලින් දකින්න ලැබිලා තියෙනවා. මෑත කාලේදී හෝව්ක් හා ඩොව් කිව්වම ගැහැණු හා පිරිමි චරිතයක් තිබුනත් මුල් කාලේදී මුලින්ම ඒ කිව්වේ ඔරිජිනලි දකින්න ලැබුනේ තාරුණ්යයෙ පසුවෙන යුධකාමී සහෝදරයෝ දෙන්නෙක්ව. හෑන්ක් හෝල් නොහොත්Hawk (හෝව්ක්) කියන්නේ එක් චරිතයක්. ඩොන් හෝල් නොහොත් ඩොව් කියන්නේ අනික් චරිතේ. මේ විදිහට ඔරිජිනලි සහෝදරයෝ දෙන්නෙක්ගෙන් පටන් ගත්ත චරිත දෙකෙන් ඩොව් විදිහට තරුණ වියෙ පසුවෙන ගෑනු කෙනෙක් විදිහටත් දකින්න ලැබෙනවා. Silver and Bronze Age, Modern Age වගේ ප්රකාශනයන් යටතේ බිහිවුණු කොමික් චිත්‍රකතා පොත් එක්කම ක්‍රමයෙන් මේ චරිත වෙනස් වෙලා තියෙන්නේ. එදා මෙදා කාලේ අතරතුර මේ දෙන්නගේ නොයෙකුත් සංස්කරණ, විවිධ කොමික් චිත්‍රකතා යටතේ බිහිවෙලා තියෙනවා.
ඉතිං අද කතාව පටන් ගන්නේ මෙන්න මේ කලින්ම කියපු ඔර්ජිනල් හෝව්ක් සහ ඩොව්ගේ කතාවෙන්.. ඒ වගේම මතක ඇතිනේ දැන් තමන් කවුද කියල හරියටම දන්නේ නැතුව ඉන්න කෙනා ඇත්තටම කවුද කියල අපිට දැනගන්න ලැබෙනවා. එහෙනම් ඉතිං ඔන්න කතාව ඔයාලට බාරයි. අද ලිපියට දාපු සිංහල නම අවුල් වගේ නම් DC බහුශ්රැතයින්ගෙන් යටහත් පත්ව ක්ෂමාව අයදිනවා. අපි මාවල් අඩු කුලේ මිනිස්සු. පස්සේ තර්ජන එන්න පුළුවන් ෆ්බ් ගෘප් වලින්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x265 | PHONEiX | 205MB |
Direct Download
| WEBRip | x264 | PHONEiX | 205MB |
| WEBRip | x264 | 720p | 459 MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “Titans 2018 [S01: E09] | හෝව්ක් සහ ඩොව්ගේ කතාව”
Titans s1e10-11 not in baiscopedownload site please update those episode.
plz upload titans s1 e10-11