MENU

Titans 2018 [S02: E01] | ට්‍රයිගොන් ආගමනයට පසු..

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් අපි ටයිටන් කතාමාලාවේ දෙවන කතා සමය සමගින් තමයි මේ එකතු වෙන්නේ. මාස ගානකට පස්සේ නැවත එකතු වෙන නිසා අන්තිමට උන දේවල් පොඩ්ඩක් අමතක වෙලත් ඇති. කමක් නැහැ අපි ඒ අමතක උන දේවල් එක්ක වැඩේ පටන් ගමු. ගිය කතා මාලාව පුරාම අපි දැක්කේ රේචෙල් හරහා එයාගේ තාත්තා වන ට්‍රයිගොන්ගෙන් අපේ ලෝකයට වෙන්න යන විනාශය ගැන සහ ඒක නතර කරන්නේ කොහොමද කියන එකයි. එත් අවසානයේ ඔහු අපේ ලෝකයට එනවා. ඩික්, කෝරි සහ රේචෙල් කාටවත් ඒක නතර කරගන්න පුළුවන් උනේ නැහැ. එත් එක්කම රේචෙල් බේරගන්න ඩික් එයාල ඉන්න ගෙදරට යනවා අපි දැක්කා.

ඊට පස්සේ තමයි ට්‍රයිගොන් එයාගේ බලය පාවිච්චි කරලා ඩික් ග්‍රේසන් කියන පුද්ගලයාගේ අඳුර එලියට අරගන්නේ. ඔහුට යම් දර්ශනයක් දකින්න සලස්වනවා ට්‍රයිගොන් විසින්. ඒ දර්ශනය තුලින් තමයි අපි දැක්කේ බැට්මෑන් විසින් කරන විවිධ සාහසික ක්‍රියා වලට එරෙහිව ඩික් ක්‍රියාත්මක වෙලා අවසානයේ බැට්මෑන්ව ඩික් විසින් මරාදමන්නේ. ඔන්න ඔය දර්ශනය අවසානයේ අපි දැක්කා ඩික්ගේ ඇස්දෙක කළුවෙලා එයාව ට්‍රයිගොන් විසින් පාලනය කරන මට්ටමකට පත් කරගෙන කියල. එතනින් ඒ කතාව අවසන් වෙනකොට අපි දැක්කා තවත් සිදුවීමක්.

ඒ තමයි දෙවෙනි කතා මාලාව හරහා එකතු වෙන නව චරිතයක් වන කෝනර් කෙන්ට් හෙවත් සුපර් බෝයි සහ ක්‍රිප්ටෝ නමැති සුපිරි බලයක් තියෙන බලුපැටියා. ඒ වගේම ඊට අමතරව ඇක්වාලෑඩ්වත් අපිට ඉදිරි කොටස් තුලින් දැකගන්න ලැබේවි. මේ කතා කලේ සුපිරි වීරයන් ගැන ඒ වගේම වීරයෝ ටික එක්ක සටන් කරන්න අලුතෙන් හතුරෝ ටිකකුත් එකතු වෙනවා. ටයිටන් කණ්ඩායමේ ප්‍රධාන හතුරෙක් වන ඩෙත්ස්ට්‍රෝක් සහ එයාගේ දුවත් එකතු වෙනවා. මුලින් ඇය ටයිටන් සාමාජිකාවක් උනාට පසුකාලීනව සතුරෙක් බවට පත්වෙන බව තමයි කොමික් වල සඳහන් වෙන්නේ. විල්පසන් පවුලේ සාමාජිකයෙක් වන රෝස් විල්සන් අපිට පූර්ව ප්‍රචාරක පටන් දකින්න ලැබුනා. ඒ වගේම ටයිටන් ටවර් එකත් මේ කතා සමය තුල දකින්න ලැබේවි. ඊට අමතරව ඩොක්ටර් ලයිට් සඳහා Fear the Walking Dead සඳහා රංගනයෙන් එක්වූ Michael Mosley පවා එකතු වෙනවා. එහෙනම් අද කොටස ගැන කියන්න කලින් බලන්න කියල අරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. හැමෝටම ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 283MB |

Direct Download

| WEB  | x264 | PHOENiX | 283MB |

| WEB  | x264 | 720p  | 450MB |

x265

| WEB  | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Titans 2018 [S02: E01] | ට්‍රයිගොන් ආගමනයට පසු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *