පසුගිය කොටසින්
දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් එකක් හොරකම් කරලා පොලිසියෙන් එයාගෙ පස්සෙන් පන්නන් යද්දී එයා ගැන මුළු මාධ්‍ය පුරාවටම පෙන්නන්න ගත්තා. එයාගෙ හැසිරීම් එක්කලා ටයිටන්ලගේ අවධානය ලැබිලා ඩික් තීරණය කලා එයා ගැන කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ටයිටන්ලගේ ටවර් එකට එක්කන් එන්න.
රෝස් විල්සන්ට තිබුනේ එයාගේ තාත්තට වගේම සිල්වර් පාටට හුරු කොණ්ඩයක් වගේම වම් ඇහැට වෙච්ච අනතුරක් නිසා එයාගෙ ඇහැත් ආවරණය කරලා තිබුණේ. කොහොම වුනත් අඩුම තරමේ එයාගෙ නම රෝස් කියලාවත් ඩික්ට දැනගන්න ලැබුනෙ නැහැ. ඩික් කරපු කිසිම දේකට ස්තුතියක් නොකර, ටයිටන් ටවර් එක ගැනවත් පුදුමයට පත් නොවී රෝස් දිගින් දිගටම කිව්වේ එයාව (රෝස්ව) හොයාගෙන එනකන් එයා නවතින්නෙ නැහැ වගේම රෝස් ටයිටන්ලගේ ටවර් එකේ ඉන්න තාක්කල් ඒකෙ ඉන්න හැමෝම අනතුරේ වැටිලා ඉන්නෙ කියලා. හොදාකාරවම පහුගිය කොටස අවසානෙදි පැහැදිලි වෙන්න ඇති ඔය කියන්නෙ එයාගෙ තාත්තා ස්ලේඩ් විල්සන් ගැන කියලා.
විශේෂයෙන්ම රොබින් කියන චරිතය ජේසන් ටොඩ්ට බාර දුන්නු ඩික්ගේ මේ කතාවේ අනාගත චරිතය මොකක්ද කියලත් දැනගන්න ලැබේවි. මේ කතාවේ මගේ කැමතිම චරිතෙ ගැන දැන් කතා කරන්නම්. ඩෝනා ට්‍රෝයි චිකාගෝවල මෙහෙයුමක හිටියෙ කෝරි එක්කලා. ශිමර් කියලා දිලිසෙන විලන් කෙනෙක් අල්ලගන්න ඒ දෙන්නා සෑහෙන දවස් ගානක් ඉදලා කොහොමහරි ශිමර්ව අල්ලගන්නවා. මේ අතරේ කෝරිව හදුනන කෙනෙක් ඇවිල්ලා එයාව පැහැරගෙන යනවා.
අද කොටසින්
ටයිටන් ටීම් එකේ පරණ සාමාජිකයො ටික අද ආයෙ වතාවක් එකතු වෙද්දී, විලන්ලා දෙන්නෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. විශේෂයෙන්ම දැනගන්න ලැබෙයි ස්ලේඩ් විල්සන් නොහොත් ඩෙත්ස්ට්‍රෝක්ගෙයි එයාගෙ දුව රෝස් විල්සන්ගෙයි අතරේ තියෙන පලහිලව්ව මොකක්ද කියලා.
එහෙනම් ඉතින් මේක තමයි මට මේ කතාවට සම්බන්ධ වෙන ලැබෙන අවසන් කොටස. ඉතිරි කොටස් කිහිපය තවත් කිහිප දෙනෙක්ගෙ එකතුවෙන් සබ් ටික ඔයාලට අරගෙන එයි. ගිහින් එන්නම්. ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | PHOENiX | 232MB |
Direct Download
| WEB | x264 | PHOENiX | 232MB |
HEVC – x265
| WEB | x265 | 720p | 150MB |