MENU

Vanilla (2018) | මිනීමරු දුම් වැටිය…

කවදාහරි හිතුවද දුම්වැටියක් කොච්චර අපිට අහිතකරද කියලා. කවදාහරි හිතුවද දුම්බීම බොන කෙනාව විතරක් නෙවෙයි. වටපිටාවේ ඉන්න අයවත් මරණ බව. හිතුවේ නෑ නේද. හිතන්න වෙනවා. කට්ටිය බලයි මොකක්ද මේ යකා උපසිරැසියක් අරන් ඇවිත් මේ දුම්වැටියක් ගැන කියවන්නෙ කියලා . ඒ ගැන දැනගන්නනම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න කියලා ඉන්නවා. චිත්‍රපටයේ නම vanilla. තිරගත වුනේ පහුගිය අවුරුද්දේ. මේක කන්නඩා භාෂාවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ තිරගත වුන චිත්‍රපටයක්. දන්න කියන නලු නිලියන් නම් කවුරුවත් මෙහි රඟපාන්නෙ නෑ . නමුත් පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක හුස්මට පැයකුත් විනාඩි පනස් අටක් උපතරිම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ත්‍රිලර් එකක් කියලා වගකීමෙන් කියනවා. රංගිතරංගා , කවලුදාරි වගේ කන්නඩා thriller බලපු අය දන්නවා ඇති කන්නඩා ත්‍රිලර් වල රහ. ඒ රහට කැමති නම් අනිවාර්යයෙන් බලන්න.

මේ මගේ පලමුවන උපසිරැසිය . අවුරුදු ගානක් තිස්සෙ සබ් ඩවුන්ලෝඩ් කරලා බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. මම මේ උපසිරැසිය කරන්න හිතුවෙත්. ඔයාලට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මගහැරෙන්න හොඳ නැති නිසා. වැඩ රාජකාරි ගොඩක ඉදන්. සතියක් තිස්සෙ කට්ටක් කාලා. අද සබ් එක ඉවර කලා. අඩු පාඩුනම් ගොඩක් ඇති. මොකද මේ චිත්‍රපටයට ආව ඉංග්‍රීසි උපසිරැසියෙත් ගොඩක් අවුල් සහගත තැන් තිබුනා. ඒ නිසා දන්න කන්නඩා වචන ටිකත් ගලපලා කතාවට අවහිරකම් නොවෙන්න උපසිරැසිය නිර්මාණය කලා.

විශේෂ ස්තූතියක් පුද කරනවා. මම සබ් එකක් කරන්නද ඇහුවම කරන්න කියලා මාව දිරිමත් කරපු මිත්‍රයා සිසිල ප්‍රසාද් සහෝදරයාට.

කතාව ගැන මම මොනවත් කියන්නෙ නැහැ. මේ වගේ ත්‍රිලර් චිත්‍රපටයක කතාව ටිකක් හරි කිවොත් තියෙන කුතුහලය නැතිව යනවා. ඒ නිසා ඔයාලා බලලම හොඳ නරක කියන්නකො. Imdb rating නම් නැහැ. මොකද imdb එකේ මේ චිත්‍රපටය හොයාගන්නත් නෑ . මම කියනවට බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

එහෙනම් ගිහින් එන්නම්. තව ටික දවසකින් මේ වගේම ඔයාලාට මග ඇරුන සුපිරිම නිර්මාණයක් අරගෙන.

තෙරුවන් සරණයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 700MB |

| HDRIP | x265 | 720p | 830MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *