ධුනු! ඉන්දියාවෙ ඈතින්ම තියෙන ඇසෑමයෙ කොනක හැමදාම ගංවතුරෙන් යට වෙන පුංචි ගමක ඉන්න අවුරුදු දහයක කෙල්ලෙක්. ගංවතුර නිසා මේ ධුනුගෙ තාත්තා ධුනු පුංචි කාලෙම මිය යන නිසා අම්මයි අයියයි එක්ක තමයි ජීවත් වෙන්නෙ.
මේ ධුනු සංගීතයට හරි කැමති. චිත්‍ර කතා පොතක තිබුනු බෑන්ඩ් එකක පින්තූරයක් දැකලා ධුනුයි එයාගෙ අයියයි අයියගෙ යාලුවො ටිකයි එක්ක එකතු වෙලා රොක්ස්ටාර් කියල බෑන්ඩ් එකක් හදනවා. හැබැයි ඇත්ත සංගීත භාණ්ඩ මුකුත්ම නෑ. ඔක්කොම තියෙන්නෙ රිජිෆෝම් වලින් හදල ලස්සනට පාට කරපු සංගීත භාණ්ඩ. ඉන්දියාවෙ ඈත කොනක දුශ්කරම ගම්මානයක ජීවත් වෙන මේ ළමයින්ට ඇත්තම සංගීත භාණ්ඩ මිලදී ගන්න තරම් වත්කමක් තිබුනෙත් නැහැ.
දවසක් ඉස්කෝලෙදි සංගීත වාදනයක් බලා සිටි ධුනු ට ඇත්තම ගිටාරයක් ඕනෙ වෙනවා. ඒත් ගිටාර් එකක ගාන ඇහුවම තමයි ධුනුට තරු පේන්නෙ. ඒත් ධුනු අධෛර්‍යමත් වෙන්නෙ නෑ. කොහොම හරි ඒකට සල්ලි එකතු කරගන්නයි හදන්නෙ. එයා හුරතලේට හදන එලු පැටියව විකුනන්න හදනවා. කොල්ලෙක් වගේ පුවක් ගහක මුදුනටම නැගලා පුවක් කඩනවා. ඉතින් අන්තිමේදි බලමු ධුනුගෙ හීනෙ හැබෑ වෙයිද කියල.
මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය වෙන්නෙ 2017 සැප්තැම්බර් 9 වෙනිදා Toronto International Film Festival හිදී. 2018 සැප්තැම්බර් 28 වෙනිද සිට ඉන්දියාවේද ප්‍රදර්ශනය ආරම්බ කරනවා. අධ්‍යක්ශනය කරන්නෙ Rima Das. රංගනයෙන් දායක වෙන්නෙ Bhanita Das, Basanti Das, Manabendra Das, Boloram Das, Rinku Dasසමගින් Bishnu Kalita. මේ චරිත කිසිවක්ම පුහුනු කරගෙන නෙවෙයි රංගනයේ යෙදෙන්නේ. ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටාව තමයි මේ චිත්‍රපටියෙ යොදාගෙන තියෙන්නෙ.
මේ චිත්‍රපටියට සම්මාන රැසක් හිමි වෙනවා. 91 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ ඉන්දියානු නියෝජනය වෙන්නෙත් මේ චිත්‍රපටිය. එහෙත් චිත්‍රපට 87 ක් අතරින් තෝරා ගන්නා චිත්‍රපට 9 අතරට ඒමට අසමත් වෙනවා.
National Film Awards –
Best Feature Film
Best Child Artist
Best Location Sound Recordist
Best Editing
Jio MAMI Film Festival 2017 –
Golden Gateway award for best film in India Gold category
Oxfam Best Film for Gender Equality award
Young Critics Choice award
Cork Film Festival –
Gradam Spiorad Na Féile / Spirit of the Festival Award
Cairo International Film Festival –
Best Artistic Contribution from the International Critic’s Week competition
Olympia International Film Festival for Children & Young people –
Best Actress
Best Director
Special Jury prize
Smile International Film Festival for Children & Youth –
Best Children’s Film
Best Actor
Cine Junior Film Festival, France 2018 –
Grand Prix (Best Film)
Muestra de Cine Lanzarote 2017, Spain –
Best Young Film
Indian Film Festival of Los Angeles –
Grand Jury Prize for Best Feature
Buenos Aires Festival Internacional de Cine Independiente, Argentina 2018 –
SIGNIS Prize
Prag Cine Awards 2018 –
Best Film
Best Actor (Female)
Best Editing
Best Sound Designer
Jury’s Special Mention
7th Assam state Film Award and Festival –
Kamal Narayan Choudhry Award for Best Director
Best Sound Design
Best Debut Actress
Nalin Dowerah Award for Best Cinematography
3rd BRICS film festival –
Best Actress
Special Jury Award
ඇතුලු සම්මාන රැසක් දිනා ගනු ලැබුවා.
මේ චිත්‍රපටියෙ ප්‍රසිද්දයි කියන නලු නිලියො, අධ්‍යක්ශකවරු, සංගීත අධ්‍යක්ශකවරු, ලස්සන සිංදු මුකුත්ම නෑ. හැබැයි ඉන්දියාවෙ ජන ජීවිතය බොහොම අපූරුවට පෙන්වන වෙනස්ම ආකාරයේ ලස්සන කතාවක් තියෙනවා. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDRip | x264 | SD | 250MB |
| HDRip | x264 | SD | 400MB |
| HDRip | x264 | SD | 700MB |
| HDRip | x264 | 720p | 1GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Village Rockstars (2017) | පුංචි හිතක පුංචි හීනය…”
machan open load download karanna bene film ekak wath. torrent nethuwa dwnload karanna bene bn me ekakwath.. mokoo seen eka machanla…