MENU

Warrior (2019-) [S01: E01] | ආගන්තුක රටකට පය තැබු රණකාමියා (18+)

මෙහෙම කතාව පටන් ගමු…

හිතන්නකො තමන්ගෙ රටේ ඕන තරම් සේවකයො ඉද්දි වෙනත් රටකින් සේවකයො ගෙනත් අඩු පඩියකට වැඩ ගන්නවා. එතකොට මොකද වෙන්නෙ, තමන්ගෙ රටේ විරැකියාව ඉහලා යනවා, ඒ වගේම විප්ලව, මිනිමැරුම් පවා ඇතිවෙන්න ගන්නවා. දැන් බලයි මේක කොහොමද මේ කතාවට සම්බන්ධ කියලා නේද..

මෙහෙමයි කතාව දිවෙන්නෙ 19 වෙනි ශතවර්ෂ පාදක කරගෙන, මේ කාලයේ චීනයෙන් සේවකයො ගේනවා අඩු ගානට වැඩි වැඩක් කරගන්න. හැබැයි මේ අයට සලකන්නෙ සේවකයො විදිහට නෙවෙයි. කොහොම වෙතත් මේ අය එක්ක අ සාම් කියලා කෙනෙකුත් එනවා. එද්දිම අනික් අයට වඩා පිළිවෙලක් තියෙන කෙනෙක්. කොහොම නමුත් මිනිහා සැන් ෆ්රැන්සිස්කෝ වලට පය තියලා විනාඩි පහක් යන්න කලින් තුන් දෙනෙක්ට නෙලනවා. මේ නිසාම මෙයාට හොප් වෙයි කියන කට්ටිය ලග වැඩ හම්බවෙනවා. කවුද මේ හොප් වෙයිලා කතාව බලලම දැනගන්න.

හොප් වෙයි විතරක් නෙවෙයි තවත් කල්ලි කිහිපයක් ඉන්නවා චයිනාටවුන් වල. මෙයාලව ටොන්ග් නමින් තමයි හදුන්වන්නෙ. මේ කල්ලි එකිනෙකා එක්ක වැඩිය හිත හොද අයනම් නෙවෙයි. කොහොම නමුත් මේ අය චයිනාටවුන් වල යම්තාක් දුරට සාමයෙන් ඉන්නවා. අ-සාම් යන්ග් ජුන් කියන හොප් වෙයි නායකයගෙ පුතා එක්ක ගොඩක් හිතවත් වෙනවා, හැබැයි අ-සාම්ගෙ අරමුණ වෙන එකක්. මෙයා කාව හරි හොයනවා. ඒ කවුද කියලා කතාව බලලා දැනගන්න.

අ-සාම් මේ හොයන කෙනා වටා නෙවෙයි කතාව ගෙතෙන්නෙ, හොයාන ආව කෙනානම් පලවෙනි කොටසෙදිම හම්බවෙනවා. කතාව වෙනම පැත්තකට හැරෙන්නෙ අන්තිම හරියෙදි නොහිතන විදිහට.

ඔය තමයි කතාවෙ මුල් අර්ධය, තවත් කියන්න ගියොත් කතාව සම්පූර්ණයෙන් කියවෙනවා. එතකොට තේරුමක් නෑනෙ. ඒ වගේම තමා කියන්න ඕන මේ කතාව සටන් ජවනිකා වලින් පිරුණු කතා මාලාවක්, බලන් ඉද්දි බෘස් ලී එහෙමත් මතක් වෙයි. තව දෙයක් 18 ට අඩු ඈයො නොබල ඉන්නවනම් හොදා ඉතිං. මොකද මේක 18+ කාණ්ඩයට අයත් වෙන කතා මාලාවක්.

ආයෙ අලුතින් සීරීස් පටන් නොගන්න තීරණය කරලා තිබුනත් මේක බැලුවම නොකර ඉන්න බැරිවුනා, මොකද ඒ තරමට හිතට අල්ලලා ගිය නිසා. මේ වෙනකොට IMDb දර්ශකයේ 8.4/10 වගේ අගයක් මේ කතාව වෙනුවෙන් ලැබිලා තියනවා. මෙච්චර ඉහල අගයක් ලැබෙන්න කතාව හොද වෙන්න එපැයි නේද. ඒ වගේම තමා කතාව මාෂල් ආට් පැත්තට බර එකක්, ඒකයි බෘස් ලී මතක්වෙයි කියලා කිව්වෙ. හොද සටන් ජවනිකා ටිකක් බලාගන්න පුළුවන්.

එහෙනම් ඉතිං දැන් ඔය ඇරෝවර්ස් එක එහෙම බලල බලලම එපා වෙලා ඉන්න පිරිසයි, අලුත් කතාවක් හොයපු අයයි මේක අරන් බලන්නකො නිකමට වගේ. කියන්න තියන දේකුත් ඔය පහලින් ඒකරලා හලාන යන්නලා. ඊලග කොටසින් හම්බවෙමු.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 222MB |

Direct Download

| WEB | x264 | SD | 330MB |

| WEB | x265 | 720p | 222MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Warrior (2019-) [S01: E01] | ආගන්තුක රටකට පය තැබු රණකාමියා (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *