Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් 16කින් සමන්විතයි. ලස්සන කොරියානු කතා අධ්‍යක්ෂනය කරන Shin Woo Cheol විසින් මෙම කතාවත් අධ්‍යක්ෂනය කර ඇති අතර විවිධ කතා තිර රචනය කරන Baek Mi Kyeong ගේම සමාගමක් වන ස්ටෝරි ෆීනික්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මේ වෙනකොට IMDB අගය 8.3/10 අගයක් අරගන්න සමත් වී තිබෙනවා. රටපුරා සියයට 2.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, එය පෙර විකාශනයෙන් පසුව එහි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කළා. කොරියානු කතා බලන රසිකයින් අතර ජනප්‍රිය වුනු නළුවෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතයෙන් දායක වෙන්නේ. Ji Chang Wook 2017 අගෝස්තු 14 වන දින දකුණු කොරියානු හමුදාවට බැඳිලා 2019 අප්‍රේල් 27 වන දින සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා නැවත පැමිණ පළමුවෙන් ම තම රංගනයෙන් දායක වන කතාව තමයි Melting Me Softly (날 녹여주오) කතාව. Ji Chang Wook මෙහි Ma Dong Chan ලෙසත් Rain or Shine සහ The Age of Shadows කතාවලින් ජනප්‍රියට පත් වුනු Won Jin A මෙහි Ko Mi Ran ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාවට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.
- This drama is so addictive. I suggeest to all kdrama lovers to watch this.
- Love this drama.
- I watched it when it aired. 1st time I’ve seen Jin Ah act . Jun Ho is also one of my fav. They did really well.
- One of the best 2019 dramas thus far.
ඔය මං කිව්වේ අදහස්වලින් ටිකක් විතරයි. පැය 24ක් කැටි ගැහිලා නැවත ජීවමානව නැගිටින ක්‍රයෝජනික් ව්‍යාපෘතියට සහභාගි වන දෙදෙනෙක් වටා ගෙතුණු රහස් අභිරහස්, ආදරය, වෛරය, දුක, සතුට මේ හැමදේකින්ම පිරිච්ච ලස්සන කතාවක් තමයි මේ. ව්‍යාපෘතිය අසාර්ථක වී මේ දෙන්නා නැගිටින්නේ අවුරුදු 20කින්. අවදි වුනු මේ දෙන්නට භයානක අතුරු ආබාධයක් අත්විඳින්න සිදුවන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට නම් මූලික ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 (දළ වශයෙන් ෆැරන්හයිට් අංශක 88.7) පවත්වා ගත යුතුයි. ඉතිං මෙයාලට මොන වගේ හැඟීමක් ඇති වෙයි ද? තමන් අවුරුදු 20ක් නිදාගෙන හිටියා කියලා දැනගත්ත ම… ඒ විතරක් ද අනෙක් අය හැමෝම වයසට ගියත් මේ දෙන්නා ඒ හිටපු විදිහමයි. එහෙනම් අපි බලමු නේද යාළුවනේ අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් තියෙන ඔවුන්ට මොකද වෙන්නේ කියලා.
කතාව එහෙනම් දැන් පටන් ගනිමු…
5 වන කථාංගය : (ඉරණම 31.5 ℃)
ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා. කො මි රන් විශ්ව විද්‍යාලයේ තියෙන රැකියා සල්පිලට ගිහින් රැකියාවක් හොයගන්න උත්සාහ කරනවා. නමුත් Interview එකේ දී
- ඔයාගේ වයස කීය ද?
- ඔයා ඉපදුණේ 1976 ද?
- ඔයා වැඩි වයසින් විශ්ව විද්‍යාලයට ඇතුළු වුණාද?
- ඔයාගේ සේවා අත්දැකීම් බලමු. ඔයා කළේ 1999 දී “අසීමිත අත්හදා බැලීමේ පාරාදීසය”යේ සාමාජිකයෙක් විදිහට පෙනී හිටපු එක විතරයි.
- ඔයාට වයස 44ක් වෙනව වගේම ඔයාට ඕන අළුතින් බැඳෙන්න රස්සාවක් ලබා ගන්න ද?
- ඔයා විවාහ වෙලා නැහැ වගේම රැකියාවකුත් නැහැ.
- ඔයා මේ ලෝකේ මොනව ද කළේ?…
මෙන්න මේ ප්‍රහ්න නිසා මෙයාට කරකියාගන්න දෙයක් නැතුව හිටියා. ඉතිං කො මි රන් තීරණය කරනවා එයාට මෙහෙම වෙන්න හේතු වුනු විකාශන මධ්‍යස්ථානයේ ඉන්න මා දොන්ග් චන්ග්ගෙන් එහේ රැකියාවක් ඉල්ල ගන්න.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මෙයාලට මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් චෝදනා තියෙනව නම් පහළින් දාගෙන යන්න.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
දෙවි පිහිටයි!
ස්තූතියි!
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

