MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E19-20 | ආදරයට සියලු වේදනා සුවපත් කළ හැකිද?

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා යොං සෝ තමන්ගේ කුඩා කාලේ මිතුරාව හොයාගෙන යනවා. ඒත් ඇයට දැනගන්න ලැබෙනවා ඔහු මියගිහින් බොහෝ කලක් ගත වෙලා කියලා. ඒ වෙලාවෙදි අහම්බෙන් වගේ ආයෙමත් කිම් දන්ව හමු වෙන නිසා කිම් දන් ඇයව සනසවන්න සමත් වෙනවා. ඒ වගේම තමන් කළ යුතු වැඩ කොටස ඉවර කර ගත්තට පස්සේ, ආයෙමත් යොං සෝ ලඟට එන්නත් ඔහු පොරොන්දු වෙනවා. ඒ අතරේ රූ නා දක්ෂතා පරීක්ෂණයේදී යොං සෝට විරුද්ධව නර්ථනශිල්පීන්ගේ ඡන්ද මිළදී ගන්න උත්සාහ කරනවා. කිම් දන්ට ආයෙමත් සැරයක් තමන්ගේ අතීතයට මුහුණ දෙන්න වෙනවා වගේම, ඒ නිසා තමන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්නත් හැකි වෙනවා. අවසානයට ජී කංග් වූ යොං සෝට ලං වෙන්න උත්සාහ කරන සැබෑ හේතුවත් කිම් දන්ට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැමදෙයක්ම නිසා අන්තිමේදී ඔහු තීරණය කරනවා ආයෙමත් යොං සෝ ලඟට එන්න…
අද කොටසින් යොං සෝ හා කිම් දන්ගේ ආදර කතාව කොහොම ගලාගෙය යාවිද? කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරාවිද? දක්ෂතා පරීක්ෂණයේදී යොං සෝට ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? යොං සෝට මේ වතාවෙ මුහුණ දෙන්න සිදු වෙන්නේ මොනවගේ අණතුරකටද? ඒ වගේම අවසානයේදි යොං සෝ කිම් දන් ගැන ඇත්ත දැනගනීව්ද කියන කාරනා දැක ගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 540p | 210MB |

HEVC – H265

| WEB | x265 | 720p | 390MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *