MENU

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E23-24 | ආදරයට දඬුවම කුමක්ද?

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී ආයෙමත් සැරයක් කිම් දන්ට යො සෝව බේරගන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවෙදි කිම් දන් සුරදූතයෙක් කියලා යොං සෝ දැනගත්තත්, පසුව කිම් දන් දැණ ගන්නවා කලින් දවසේ සිදු වුණු දේවල් ගැන මතකය යොං සෝට නැති වෙලා කියලා. ඒ වගේම යොං සෝගේ මතකය නැති වෙන්න හේතුව ප්‍රධාන සුරදූත හූ කියලත් පසුව ඔහු හොයාගන්නවා. යොං සෝව මරන්න උත්සාහ කරපු පුද්ගලයාව අල්ලාගන්න කිම් දන් සමත් වුණත්, ඔහු සමත් වෙනවා ඒ තමන් නෙවෙයි කියලා කිම් දන්ට ඒත්තු ගන්වන්න. ඒත් අන්තිමට ඔහු රූ නා එක්ක කතා කරනවා දකින්න ලැබෙන නිසා කිම් දන් දැනගන්නවා ඒ ඔහුමයි කියලා. ඒ නිසා කිම් දන් තීරණය කරනවා කෙලින්ම රූ නාට යොං සෝගෙන් ඈත් වෙලා ඉන්න කියලා අණතුරු අඟවන්න. ඒ අතරේ යොං සෝට තේරුම් යනවා මෙතන තමන් නොදන්න දෙයක් සිද්ද වෙනවා කියලා. ඒ නිසා කිම් දන්ට රහසින් ඒ මොකක්ද කියලා හොයාගන්න ඇය තීරණය කරනවා. අවසානයේදී එදා සිදු වුණු සිදුවීම වගේම කිම් දන් කියන්නෙ සුරදූතයෙක් කියලාත් ඇයට මතක් වෙනවා…
අද කතාංගයෙන් කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට ඇත්ත නොකිව්ව එක ඇය කොහොම සිතාවිද? අවසානයේදී කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියේ ඔහුම තමයි කියලා, කිම් දන් ඇයට කියාවිද? කිම් දන්ට භාර වුණු මෙහෙයුම මොකක්ද කියලා යොං සෝ දැනගනීවිද? රූ නාගේ සහ චෝයි අධ්‍යක්ෂතුමියගේ අපරාධ වලට දඬුවම් දෙන්න ක්‍රමයක් සොයා ගන්න යොං සෝට හැකි වේවිද? මනුෂ්‍යයෙක් සමග ආදරයෙන් බැඳුන නිසා කිම් දන්ට විඳින්න වෙන දඬුවම යොං සෝ දැනගනීවිද කියන දේවල් දැක ගන්න පුළුවන් වේවි…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

Direct Download

| WEB | x264 | 540p | 200MB |

HEVC – H265

| WEB | x265 | 720p | 392MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *