MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E02 | “උඩුමහළට ආ කුමාරයා”

හායි! කොහොමද යාළුවනේ,

රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.

ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.

2 වන කොටස

ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා. දැන් කුමරුටයි අනිත් 4 දෙනාටයි වුන දේ හිතාගන්න බැහැ. ඔන්න දැන් තමයි මෙයාලා හොල්මන් වෙන්නේ. මොන ලොකේකට ද මේ ඇවිත් තියෙන්නේ. කුමරු හිතන්නේ ඒ ගෑණූ ළමයා මෙයාලට ශාපයක් කලා කියලා. ඉතිං හොඳට ම බනිනවා. ගෑණූ ළමයා හිතන්නේ මෙයාලගේ මොලේ අවුල් කියලා. ඒත් මෙයා මෙයලට උදව් කරනවා. ඉතිං මෙයාලා මේ ලොකේ ට ඇවිත් මොකද කරන්නේ? මේ ගෑණු ලමයා කවුද? මේ ගෑණූ ළමයා මොකද එහේ ඉන්නේ? එයා මෙයාලව තියාගනියි ද? නැත්නම් පන්නලා දාවි ද? මොකද වෙන්නේ කියලා ඔයාල ම බලන්නකෝ එහෙනම්.

මෙතනින් එහාට ඉතිං ඔයාලාට හොඳට හිනා වෙවි කම්මැලි නැතුව බලන්න පුළුවන්. මොකද මෙයාලා මේ ලෝකෙට හුරු නෑනේ. හැබැයි කුමරුට මේ ලෝකේ දී කුමරියව මුණ ගැහෙනවා වගේ ම කුමරු වගේ ම කෙනෙකුත් මුණ ගැහෙනවා. ඒ කොහොම ද? මේ පුනරුප්පත්තියක් ද? ඇයි එයාලා අනාගතේ ට ආවේ? ආයේ ජෝසන්වලට යනව ද? නැද්ද? යන්න පුළුවන් වෙයි ද? එකපාරට ම වැටුණු මේ ගෙදර අයිතිකාරිය කවුද? මේවා තමයි මෙයාලට තිබුණු ප්‍රශ්න. මට හිතනවා ඔයාලාටත් මේ පුශ්න ටික ම මතු වෙයි. ඒවට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්න ම වෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 365MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *