MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E01 | “උඩුමහළට ආ කුමාරයා”

හායි! කොහොමද යාළුවනේ, මගේ පළවෙනි උපසිරුසියට පසුව මගේ දෙවැනි උපසිරැසියත් මම අරගෙන ආවා. මගේ පළවෙනි උපසිරුසියට එක වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි. ඒක මට ශක්තියක්. මම දෙවැනියට උපසිරුසි කරන්න තෝරගත්තේ කොරියානු කතා මාලාවක් නිසා මම හිතුවට වඩා ගොඩක් පරක්කු වුණා. මාස 6කට කලින් බාර ගත්තත් මට රැකියාව නිසා වෙලාවක් නැති වුණා. ඒ මදිවට Computer එකත් ලෙඩ දුන්නා. ඉතින් මට සමාවෙන්න ප්‍රමාද වුණාට. ඒත් මම පුලුවන් හැම වෙලාවකම මම උපසිරැසි කරලා ඔන්න ගෙනාවා. මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි.

රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.

ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.

1 වන කොටස

කතාව පටන් ගන්නේ ජෝසන් සමයේ. ඒ කියන්නේ අවරුදු 300කට කලින්. නිදාගෙන හිටපු කිරුළ හිමි කුමරු ඇහැරිලා බලන කොට කුමරිය පේන්න නැහැ. කුමරියට කතා කළත් සද්දයක් නැහැ. ඔහු කෑ ගැහලා පිටතින් ‘කවුරුන් හෝ සිටිනව ද’ කියා ඇසුවත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එකපාරට ම පාලකයෙක් ඇවිත් කුමරුට කියනවා කුමරිය මිය ගිහින් කියලා. රාජ සභාවේ දි කියන්නේ කුමරියගේ මරණය සාමාන්‍ය දෙයක් කියලා. නමුත් කුමරු ඒක විශ්වාස කරන්නේ නැහැ. දුක වැඩි නිසාම කුමරු හිතාගන්නවා මේකට පලිගන්නවා කියලා. කුමරු රහසේ ම අපරාධ විසඳන්න දක්ෂම තුන්දෙනා හොයාගෙන යනවා. මුලින් ම අභිරහස් විසඳන්න දක්ෂ කෙනෙක් ඕනෙනේ. ඒ Song Man-Bo ඕනෑම මිනි මැරුම් නඩුවක් ක් සාක්ෂි සොයාගෙන විසඳන්න දක්ෂ කෙනෙක්. දෙවැනියට කුමරුට දක්ෂ ආරක්ෂකයෙක් ඕනේ. ඒ Woo Yong-Sool දක්ෂ ම කඩුව හසුරුවන්නා වගේ ම දක්ෂ ම සටන් කරුවෙක්. තෙවැනුව කුමරුට පාලකයෙක් ඕනේනේ. ඒ වගේ ම රටේ ම තියෙන ඕප දූප දන්න කෙනෙකුත් ඕනේ. ඒ තමයි Choi Woo-Sik. කුමරු මෙයාලාවත් එකතු කරගෙන අභිරහස විසඳන්න පටන් ගන්නවා. ඒ අතරේ මෙයාලට හෝඩුවාවක් ලැබිලා මෙයාලා කෑලයට යද්දි අපරාධකාරයෝ වගයක් මෙයාලගේ පස්සෙන් පන්නනවා. එයාලගෙන් බේරෙන්න පැනලා යද්දි මොකක් දෝ බලවේගයකින් මෙයාලා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වුන 4 දෙනා මතුවෙන්නේ වහළ උඩ ගෙදරකින්. ඒ ගෙදර ජීවත් වෙන්නේ ගෑණූ ළමයෙක්.

මෙතනින් එහාට ඉතිං ඔයාලාට හොඳට හිනා වෙවි කම්මැලි නැතුව බලන්න පුළුවන්. මොකද මෙයාලා මේ ලෝකෙට හුරු නෑනේ. හැබැයි කුමරුට මේ ලෝකේ දී කුමරියව මුණ ගැහෙනවා වගේ ම කුමරු වගේ ම කෙනෙකුත් මුණ ගැහෙනවා. ඒ කොහොම ද? මේ පුනරුප්පත්තියක් ද? ඇයි එයාලා අනාගතේ ට ආවේ? ආයේ ජෝසන්වලට යනව ද? නැද්ද? යන්න පුළුවන් වෙයි ද? එකපාරට ම වැටුණු මේ ගෙදර අයිතිකාරිය කවුද? මේවා තමයි මෙයාලට තිබුණු ප්‍රශ්න. මට හිතනවා ඔයාලාටත් මේ පුශ්න ටික ම මතු වෙයි. ඒවට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්න ම වෙනවා.

එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…

ජය වේවා!
ස්තූතියි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Direct Download

| HDTV | x264 | 360p | 105MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E01 | “උඩුමහළට ආ කුමාරයා”

  • Me video eka download karanna behe. Dream Korea eken download kalata sub ekath ekka match wenne nehe

    Reply
  • sub eka ta link eka danna

    Reply
    • Subtitles line eka daala ne

      Reply
  • Subtitles wala link eka nh ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *