හායි! කොහොමද යාළුවනේ,
රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.
ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.
8 වන කොටස
ඔන්න අටවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතිං මෙයාලා අළුත් ගෙදර පදිංචියට එන්නේ මේ කොටසෙ දී තමයි. මෙයාලා ඉතිං වහළ උඩ ගෙදර දාලා යන්නේ නැහැ කියලා හිතාගත්තනේ. මොකද මෙයාලා වැටුණේ මේ ගෙදරට නිසා මෙයාලා හිතන්නේ ආයෙත් යන්න පුළුවන් වෙන්නෙත් මෙතන දිම තමයි කියලා. ඉතිං කුමරුට යොන්ග් තේ යොන්ග් වගේ රඟපාන එක ලේසිත් නැහැ. මොකද තේ මූ තේ යොන්ග් ව හොඳට දන්නවා. එයාගේ හැකියාවන් වගේ ම දුර්වලතාවන්. ඉතිං ඒක කුමරුට ප්‍රශ්නයක් වෙයි ද? ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. මෙතනින් එහාට ඉතිං මං කියන්නේ නැහැ. එතකොට කතාවේ රසය නැති වෙනවානේ. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
ජය වේවා!
ස්තූතියි!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 260MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E08 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා””
Ilaga episode eke idan openload,userdrive link denawada?
thnx
openload cloud eka wada na