MENU

ගෞඕල් [S01:E01] | මාරක පැය 24කට පෙර

Netflix ආයතනය නිෂ්පාදනය කරන ටෙලි මාලාවකට හොලිවුඩ් පොරවල් සෙට් එකක් විතරක් නෙමේ බොලිවුඩ් පොරවල් සෙට් එකකුත් අතගහලා කියලා දැනගත්තම.. 
ආසයිනේ? එකෙන්ම හයිබ්‍රිඩ් අත්දැකීමක්. 
ටීවී සීරිස් රසිකයන්ට ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. 
කෙලින්ම බලනවා කියලා තීරණය කරලා ඇති.

එතකොට තව සෙට් එකක් ඉන්නවා. “
ටීවී සීරිස් බලන්න කම්මැලියි අප්පා, හෑලි වගේ, පැයෙන් දෙකෙන් ඉවර වෙන එකක් නම් ඕන එකක්” වගේ හිතන කට්ටියක්. 
එහෙනම් ඔයාලටත් මේක බලතහැකි ෆිල්ම් එකක් වගේම. 
කොටස් තුනයි, පැය දෙකයි කාලයි. 
ආයේ මොකටද බලන් ඉන්නේ?

බොලිවුඩයත් එක්ක එක්කහු වෙලා Netflix ආයතනය ලොකු සද්දයක් දැම්මනේ පහුගිය දවස් වල. අපේ සිසිලයියා දීපු Sacred Games නොබලපු කෙනෙක් නෑනේ.ඉන්දියන් වැඩ වලට හිනාවෙච්ච අයගෙත් කටවල් වැහුනා ඒ දවස් වල. ඉතින් අද මේ බයිස්කෝප් අපි අරන් එන්නේ Netflix ආයතනය ගේන දෙවැනි බොලිවුඩ් බෝම්බය. ඒකත් තනිකරම බොලිවුඩ් කියලම කියන්න දිව නැමෙන්නේ නැත්තේ තව සුපිරි හොලිවුඩ් සෙට් එකක් මේකට සම්මාදම් වෙලා තියෙන හින්දයි. Blumhouse Productions දන්නේ නැත්තේ කවුද? නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නම් නෑ. ලෝ ප්‍රකටInsidious චිත්‍රපට මාලාව ඇතුළු තවත් හොල්මන් චිත්‍රපට බර ගාණක් අපි වෙතට අරන් ආව මෙයාලා තමා මේ සීරිස් එකටත් දායකත්වය දක්වන්නේ. එයාලත් එක්කම Sacred Games අධ්‍යක්ෂණය කරපු අනුරාග් කාශ්‍යප්, වික්‍රමාදිත්‍ය මොට්වානේ ඇතුළු තව ලොකු පිරිසක් සම නිෂ්පාදනයෙන් දායක වෙනවා. එතකොට රංගනයෙන් දායක වෙන්නේ කවුද? පිට පිට ආපු බොලිවුඩ් Netflix නිෂ්පාදන හැම එකටම වග කියපු රාධිකා ආප්තේ මේකෙත් ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. Lust Stories සහ Sacred Games වලින් පස්සේ රාධිකා වෙන විකල්ප නිලියෙක් ගැන හිතන්නවත් දීලා නැති හැඩයි. ඒ වගේම මෙච්චර වෙලා කියවපු මේ කතන්දරේ Horror කැටගරියට දාන්න සිද්ධ වෙන ටීවී සීරිස් එකක්. මේ වෙද්දී බරපතල ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රසාදය මධ්‍යයේ කතාව ජය කෙහෙළි නංවනවා දකින්න පුලුවන්.IMDb අගය මේ ලිපිය ලියන මොහොත වෙද්දී 7.8ක අගයක් අරගෙන තියෙනවා. කොහොමත් හතේ අගයක රැඳෙයි කියලා තමා බලාපොරොත්තුව නම්.

නිධා රහීම් කියන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පුහුණු වන හමුදා නිලධාරිනියක්. රට කෙරෙහි ඇයට තියෙන දේශප්‍රේමි හැගීම මිළ කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ ජාතිවාදී අරගල සිද්ධ වෙච්ච වකවානුවක්. මුස්ලිම් කෙනෙක් නිසා නිධා දිහත් එයාගේ පවුල දිහත් ගොඩක් අය බැලුවේ වපර ඇහින්. මම කලින් කිව්වා නිධාට රට ගැනත් රජය ගැනත් මාරම හැගීමක් තියෙන්නේ කියලා. ඒ හැගීම හින්දම නිධා ඔයාටවත් මටත් හිතාගන්න බැරි මහා කැපකිරීමක් කරනවා. ඒක මොකක්ද කියලා මම දැන් කියන්න යන්නේ නෑ. ඒ දේ හින්දා තමා මේ හැමදේටම පාර කැපෙන්නේ. නිධා පුහුණුව ලබමින් හිටියේ ප්‍රශ්න කිරීමේ අංශයට අනුයුක්තව. දවසක් එයාට හදිසියේ පණිවිඩයක් ලැබෙනවා දැන්මම ඇවිදින් ප්‍රශ්න කිරීමේ මධ්‍යස්ථානයේ වැඩ බාරගන්න කියලා. පුහුණුව ඉවර වෙන්න තව සති 5ක්ම තියෙද්දී ඇයි මේ වැඩ බාරගන්න කියන්නේ? ඒකත් වෙන කාටවත්ම නැතුව නිධාට විතරක්ම… එදා නිධාව එක්කන් යන්න කඳවුරේ වාහනේ ආවා….

මීට එහා නම් මුකුත්ම කියන්න බැහැ. මේ කතාව කොහොමද හොල්මන් කතාවක් වෙන්නේ කියලා බලනවා ඇති. විනාඩි 40 කෑලි 3ක් ඇතුලත මේ හැමදේටම උත්තර ලැබිලා තියේවි. බලන්න හේතු දහසක් තියෙද්දී නොබලන්න තියෙන එකම හේතුවක්වත් මට නම් පේන්න නැහැ. එහෙනම් කවුරුහරි ඔයාලට කලින් බලලා මේක ස්පොයිල් කරන්න කලින්, ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියලා හිතාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතුරු කොටස් දෙකත් එක්ක හනිකට එන්නම්. ජයවේවා!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE | 216MB |

Direct Download

| WEBRip | x264 | 480p | 125MB |

| WEBRip | x264 | 720p | 375MB |

| WEBRip | x265 | 720p | 206MB | 10Bit

| WEBRip | x264 | 480p | 400MB | Complete S01 |

| WEBRip | x264 | 720p | 1.1GB | Complete S01 |

| WEBRip | x264 | 1080p | 1.5GB | Complete S01 |

| WEBRip | x265 | 720p | 660MB | Complete S01 | 10Bit|

| WEBRip | x265 | 1080p | 1.2GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “ගෞඕල් [S01:E01] | මාරක පැය 24කට පෙර

  • Meke sub eka ganna bene

    Reply
  • link update karannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *