MENU

ගෞඕල් [S01:E02] | ලේ හීතල වෙන මැදියම

“ඔව්, ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
මහ නපුරු සුළි සුළං හමාවි.
ඒ සමඟම
යක්ෂයා පැමිණෙනවා සත්තයි….”

අන්ධකාර බන්ධනාගාරයක,
සිරකරුවන් පස්දෙනෙක් සමඟ
තම අලුත්ම ඉලක්කය එනතෙක් ඔවුහු බලාසිටියහ.
අල්සයීඩ් නම් රුදුරු ත්‍රස්ත නායකයා
වසර ගණනාවක් අල්ලාගත නොහැකිවූ ඒ මිනීමරුවා
හදිසියේම හමුදා භාරයට පත්වුණේ ඇයි?

නිධා රහීම් නම් දේශප්‍රේමිය
තම පියාව දේශයට දෙවැනි කළ නිළධාරිනිය
අන්ධකාර බන්ධනාගාරයේ සිට
“අමාරුකාරයා” එනතෙක් බලාසිටියාය.

අඳුරු කවුළු වලින් කිසිවක් නොපෙනෙනු ඇත
වැසි ඝෝෂාවට කිසිවක් නොඇසෙනු ඇති
ඔහු මනුෂ්‍යයෙක්දැයි ඔබට සැක හිතෙනු ඇති
ජීවිතය එතරම් දිග නැති බව ඔබට දැනෙනු ඇත.

පළවෙනි කොටස බලපු අය සිංහල සබ් එක එනකම් නම් ඉන්න නැහැ. දෙවැනි සහ තුන්වෙනි කොටසත් බලලා කතාමාලාවම අහවර කරලා ඇත්තේ. මොකද ඉතින් එක කොටසක් බලලා ආයේ බලන් ඉන්න එක හරිම අමාරුයි කියලා හිතෙන්න ඇති. කොහොමත් බලන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මේ කොටස් දෙක නම් ඇට මිදුළු සීතල වෙලා පපුව ගැස්සිලා යන කොටස් දෙකක්. ඒ හින්දා කළුවරේ නම් බලන්න එපා කියලා. ආයේ නොකිව්වා කියලා කියන්න එපා. බය හිතුනේ නැත්තම් Blumhouse Productions කියන නමෙනුත් වැඩක් නෑනේ. මේ මොහොත වෙද්දී කතාවට IMDb අගය 7.6ක් ලැබිලා තියෙනවා මනාප 2000ට ආසන්න සංඛ්‍යාවකින්. කලින් කොටස ගැන ලාවට වගේ හඳුන්වලා තියෙනවා උඩ. කිව්වා වගේම හිත ගැස්සෙන හරිය ඇරඹෙන්නේ දැන්. එහෙනම් තව දුරටත් බාධා නොකර ඉඩ දෙන ගමන්, අවසන් කොටසත් අරන් හනික ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.

එහෙනම් සෙල්ලම පටන් ගමු!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE | 214MB |

Direct Download

| WEBRip | x264 | 480p | 120MB |

| WEBRip | x264 | 720p | 370MB |

| WEBRip | x265 | 720p | 209MB | 10Bit

| WEBRip | x264 | 480p | 400MB | Complete S01 |

| WEBRip | x264 | 720p | 1.1GB | Complete S01 |

| WEBRip | x264 | 1080p | 1.5GB | Complete S01 |

| WEBRip | x265 | 720p | 660MB | Complete S01 | 10Bit|

| WEBRip | x265 | 1080p | 1.2GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *