ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා. කො මි රන් පිටුපස ඇති සත්‍ය අවසානයේ දී හැමෝම දැනගත්තා. කවුරුන් විසින් හෝ මේ සත්‍ය සමාජ ජාලාවල වෙබ් පිටුවේ අප්ලෝඩ් කරලා තිබුණා. මේක දැකපු විකාශන මධ්‍යස්ථානයේ අයට තේරුම් යනවා ඇයි මි රන් අමුතු විදිහට හැසිරුණේ කියලා. ඒ මොකද එයා ක්රයොනික් මිනිසෙක් නිසා. ඉතිං මේ ගැන දැනගත් දොන්ග් හියුක්ට නම් ගානක් නැහැ. නමුත් මි රන්ගේ පාසලේ මිතුරා වන ජී හූන්ට නම් දුකක් දැනෙනවා. මි රන් මේ සිද්ධියෙන් කඩා වැටුනත් දොන්ග් චන්ග් පොරොන්දු වෙනවා එයාව ආරක්ෂා කරන්න. ඒ අතරතුර මහාචාර්ය හ්වාන්ග්ට මොකක්හරි මතක් වෙලා එයා ලැබ් එකට එනවා. මහාචාර්ය ජෝත් එතනට එන නිසා ඔහු මහාචාර්යතුමාව දකිනවා. කොහොමහරි මහාචාර්යතුමාව එයාගේ මතකය නැවත ලැබෙනවා. අන්සුන්ග් සමාගමේ සභාපතිට මේක අරාංචි වුනා ඒ වගේම ඔහු දැනගත්තා මහාචාර්යතුමා ජීවත් වෙනවා කියලත් ඔහු සැඟව ඉන්නේ මි රන්ගේ ගෙදර කියලත්.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E10 | “කැටි ගැසුණු යෞවනයින්””
Thank you