පෙර කොටසින්
හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල ඇතුලෙත් පරීක්ෂාවක් කලා. එතනදී සෑහෙන දෙනෙක් ලග ස්ටේරෝයිඩ්ස් තිබිලා හොයාගන්න ලැබුනා. එතනදී අල්ලගෙන ගිය කෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දී “ටීම් පොස්සි” කියලා කෙනෙක් ගැන දැනගන්න ලැබුනා මේ අයට ස්ටේරෝයිඩ්ස් දෙන කෙනෙක් විදිහට.
පොලිසියෙන් ලිබර්ටි උසස් පාසල පරික්ෂාවට ලක් කරන අතරේ ඇලෙක්ස් තමන්ගේ ලග තිබුණු ස්ටේරෝයිඩ්ස් මල්ල විසි කලා. මේ ගැන දැකපු ජස්ටින් ඒක අරන් ගිහින් කට්ටියටම පෙන්නලා දැනුම් දීමක් කලා. මං හිතන්නෙ ඔයාලට හොදටම පැහැදිලි වෙන්න ඇති ඇලෙක්ස් ස්ටේරෝයිඩ්ස් වලට ඇබ්බැහි වුනේ කොහොමද, එයාට ඒවා ලැබුනේ කොහොමද වගේම එයා බ්‍රයිස් එක්ක කතාබහ කරලා හිතවත් වුණේ කොහොමද කියලා. ජස්ටින් කොහොමහරි එයා අදුරන කෙනෙක්ට තුවක්කුව දුන්නා මොකද කලින් ක්ලේ එයාට බැන්නා ඕක දීලා ඉවරයක් කලේ නැති නිසා.
අද කොටසින්
අද කොටස පටන් ගන්නෙ ටෝනිව පොලිසියට අල්ලාගෙන ගිහින් ප්‍රශ්ණ කිරීමක් එක්කයි. මොකද මේ කොටස හරහා දැනගන්න ලැබෙනවා ටෝනි වගේම බ්‍රයිස් අතරෙත් මොකක්දෝ මන්දා පලහිලව්වක් තිබිලා තියෙනවා කියලා. ඉතින් ඒ හැමදේම මේ කොටස හරහා දැකගන්න ලැබේවි.
මීලග කොටස අරගෙන වෙනත් උපසිරැසිකරුවෙක් ඔයාලව මුණගැහෙන්න ඒවි. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.