MENU

13 Reasons Why [S03 : E13]| අපිත් සතුටින් ඉන්නෝන…

ඔන්න එහෙනම් මේ සුදානම 13 Reasons Why කතාමාලාව අවසන් කරන්නයි. ඒ කියන්නෙ තෙවන කතා සමයෙ අවසන් කොටස. හැබැයි බයවෙන්නෙපා මොකද මේක අන්තිම කතා සමයට දීර්ඝ වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නෙ මේක හතරවෙනි කතා සමයෙන් ඉවර වෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙක බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඉවරයක් කරගන්න උදව් කරපු විමා අයිය l චාමර සම්පත් අයිය l කවිෂල් l පසිදු l සුදිර අයිය l කාවින්ද අයියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. කට්ටියට නොහිටියා නම් මේක මෙතරම් ඉක්මණින් ලබාදෙන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. ඒවගේම සමුගන්නේ මීළඟ කතා සමයත් අනිවාර්යෙන්ම ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිවයි. එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සැක් පොලිසීයට ගිහින් සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා. ඒ කකුළ කඩපු එකට ඔහු බ්‍රයිස්ට හොඳටම ගැහුවයි කියල. නැගිටින්න බැරිවෙන්නම. හැබැයි කිසිම චෝදනාවක් ඔහුට එල්ලවෙන්නේ නැහැ. මොකද ඔහු කරේ පහරදීමක් අනික ඔහු පහර දුන්නට පස්සෙත් ඔහු පණ පිටින් හිටිය. ඒවගේම තමයි ටයිලර්ට කරපු ලිංගික අඩත්තේට්ටම් වලට මොන්ටිව අත්තඩංගුවට අරගන්නවා. දැන් ඔහු ඉන්නෙ හිරේ. ඔහුගෙ තාත්තට ඔහු ගැන ඇත්තටම කළකිරිල ඉන්නෙ. ඒවගේම තමයි ෂෙරිෆ් අවසන් වතාවට මේ කේස් එක ගැන පරීක්ෂණයක් කරනවා. මේකෙදි කතා කරන්නෙ ආනිට සහ ටෝනිට. හැබැයි මුළින්ම යන්නෙ ආනි. ඇය සම්පුර්ණ විස්තරයම වගේ කියන්න හදනවා. ඒ හෝම්කමින් එක දවසෙ ඉඳල වෙච්ච හැමදෙයක්ම වගේ. ඉතින් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි ඇත්තටම බ්‍රයිස්ව මැරුවේ කවුද කියල. ඒවගේම මේකට හවුල් වෙන්නෙ මොන මොන කට්ටියද කියලත්. අවසාන කොටස නිසා මං වැඩිය යමක් කියන්නෙ නැහැ. මොකද නිකන්ම වගේ ස්පොයිල් වෙනවා. අවසන් වරට කියන්නෙ කියන්නෙ අද කොටසේදී තවත් චරිතයක් සමු ගන්නවා. එතකොට ඒ කවුද? ජෙසිකාද? ජෙන්සන්ද? ටයිලර්ද? සැක්ද? මොන්ටිද? ආනිද? ටෝනිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ.

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 350MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *