MENU

Day: November 28, 2018

TVක්‍රියාදාමකොමඩියක්නාට්‍යමයවික්‍රමාන්විත

Robin Hood (TV Series 2006–2009) [S02 : E01] | ඩවීඩාගේ බබාලා!

ඉතින් යාළුවනේ, ඔන්න රොබින්හුඩ් දෙවනි කතා සමයේ ඇරඹුමයි මේ. මේ සීසන් එක BBC නාලිකාවේ විකාශය වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 06 වෙනිදා. සීසන් මාරුවුනාට, කලින් සීසන් එකේ හිටිය චරිත ටිකම මේකෙත් ඉන්නවා. මේක රූපවාහිනියේ බලද්දි, මට නම් ඇත්තටම සීසන් එකක් මාරුවුනා කියලා දැනුනෙවත් නෑ. ඉතින් මේ කතාසමයෙත් කොටස් 13 ක් තියෙනවා. අපි ඉතින් මුලින්ම පසුගිය කොටසේ වුන දේ මතක් කරගමුකෝ. පසුගිය කොටසින්…. ෂෙරිෆ්ගේ කණ්ඩායම රොබින්ලා ඉන්න තැන වැටලුවත්, ඇලනඩේල් හා විල් ආපහු ඇවිත් කට්ටිය එක්ක සටන් කරන නිසා, ෂෙරිෆ්ටත් ගිස්බන්ටත් ආපහු පලා යන්නයි සිද්ධවෙන්නේ. ඒ වගේම මැරියන් මිය ගියා කියලා හැමෝම දුක් වෙවී ඉඳිද්දි, මැරියන් මැරිලා නැති බව යන්තම් ඇලනඩේල් දකිනවා. ඊට පස්සේ එයාලා මැරියන්ට ප්‍රතිකාර කරලා,ගිස්බන්ට අහු නොවෙන්න ආපහු ගෙදරට ගෙනියනවා. ඒ වගේම තමන්ට පක්ෂ වංශවතුන් කවුද, විරුද්ධ අය කවුද කියලා හොයාගෙන ඒ කරදරයෙන් බේරෙන්න, ෂෙරිෆ් හොඳඋගුලක් අටවනවා. ඒ රිචඩ් රජු ආපහු එනවයි කියලා ලොකු රඟපෑමක් කරලා, තමන්ට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන වංශවතුන්ව මරලා දාන එකෙන්. අවසානයේදි මාච්මේ රඟපෑම තේරුම් අරගෙන, ගිස්බන්ගෙයි – මැරියන්ගෙයි විවාහයත් නවත්තන හැටිත්, රොබින් එක්ක එකතුවෙලා සර් එඩ්වඩ්ව බේරගන්න හැටිත් තමයි අපි පසුගිය කොටසින්දැක්කේ. මෙවර කොටසින්… මැරියන් විවාහය නවත්තලා, තමන්ට කරපු අවමානය ගිස්බන්ට අමතක නෑ. ගිස්බන් ඒ නිසා දැන්නම් මැරියන්ට හොඳ හිතක් පෙන්නන්නේ නෑ. ෂෙරිෆ් නියෝග දුන්න ගමන්ම,ගිස්බන් ගිහින්, මැරියන්ගේ නයිටන් හෝල් ගෙදරත් ගිනි තියලා, එඩ්වඩ්වයි මැරියන්වයි මාලිගාවට අරන් එනවා. ඉතින් එයාලා දැන් ෂෙරිෆ්ගේ නියෝගයට යටත්ව, මාලිගාවෙන්පිටවෙන්න තහනම් කරලා තියෙන්නේ. මේ අතරේ කැලෑ පාර දිගේ නොටින්හැම් එන,සෙබලු පිරිවරා ගත්ත කාන්තාවක් රොබින්ලාට මුණ ගැහෙනවා. එයාව කොල්ලකන්නහදද්දියි රොබින්ලා දැනගන්නේ, එයාගේ පිරිස සටන්කාරයෝ බවත්, එයා ෂෙරිෆ්ගේ නිල ලාංඡනය තියෙන මුද්දක් දාගෙන ඉන්න බවත්. ඒ වගේම එයා ළඟ අමුතු සද්දයක් එනපෙට්ටියකුත් තියෙනවා. එයා කියන්නේ ඒකේ ඉන්නේ, එයාගේ බබාලා කියලා. ඉතින් එයාව කොල්ලකන්න අසමත් වෙන රොබින්හුඩ් කල්ලියට පැනගන්නයි සිද්ධ වෙන්නේ.ඔයාලා කතාව බලලම හොයාගන්නකෝ, මේ කාන්තාව කවුද, එයාගේ පෙට්ටියේ ඉන්න බබාලා කවුද කියලා. කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ. ඔයාලගේ දිරි ගැන්වීම් මටනම් හුඟක්ම වටිනවා. අපි ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. සුභ දවසක්!  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම

Read More
TVඅමුතුයික්‍රියාදාමනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධ

DCs Legends of Tomorrow [S04 : E05] | හෙයිඩි ව්‍යාපෘතිය..

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න

Read More
TVඅප‍රාධඅභිරහස්අමුතුයික්‍රියාදාමවිද්‍යා ප්‍රබන්ධ

Arrow [S07 : E07] | මහ උළුගෙදර වින්නැහිය…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ

Read More
ක්‍රියාදාමකොමඩියක්ත්‍රාසජනකතෙලිඟුනාට්‍යමයසංගීතමයහොල්මන්

Hello Guru Prema Kosame (2018) | අපූරු පොරොන්දුව !

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search

Read More