“සියල්ල පවතින්නෙ මනස තුලය”
මේ වතාවෙ මම එන්නෙ කතාවෙ අන්තිමට “ඒ මොකද්ද ඒ වුනේ” කියාගෙන කාගෙත් කට ඇරෙන කතාවක් අරගෙන. මම දැකපු දෙයක් තියෙනවා film එකක story එක හොඳ වුනාට සමහර වෙලාවට නළු නිලියො ටික අලුත් නම් ratings අඩුවන එක. නමුත් මෙ film එකෙ story එකත් සුපිරි. ඒ වගෙම නළු නිලියොත් අලුත්. ඒ වගේම මෙය imdb වල 7.2 වගෙ ඉහළ අගයක් තියෙන psychological thriller ගනයට වැටෙන film එකක්. ඒ කියන්නෙ මානසික තත්වයක් අදාල කරගෙන තම මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ නිසා මෙහි කියන දෙවල් ඒ විදියටම යොදන්නෙ නැතුව වුවමනා තැනදි සංක්ෂිප්ත කරලා ගොඩක් සරළ කරන්න වුනා. මොකද ඒ කියන විදියටම දැම්මා නම් බලන කෙනාටත් පිස්සු හැදෙනවා. ඒ වගේම මම උපසිරැසි යොදන්න ආරම්භ කරෙ ළඟකදි. ඉතින් ඉහළ ratings තියෙන බොහෝ films වලට කට්ටිය උපසිරැසි යොදලා තියෙන්නෙ. ඒත් මට පුදුම ඒ කිසි කෙනෙක්ට මෙම film එක හමු නොවීම. මොකද මේක 2011 තිර ගත වුන එකක්. ඉතින් එසේ කාටවත් මේ film එක හමු නොවීමත් එක්තරා විදියක නොවිසිඳුන දෙයක්.
එහෙනම් අපි මෙම film එකෙ සිදුවීම මොකද්ද කියලා බලමු. අභිමන්යු කියන්නෙ ඉතා බුද්ධිමත් සාම්ප්‍රදායික ළමයෙක්. ඔහු ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙනවා වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා. ඉතින් දන්නවානෙ විශ්ව විද්‍යාලයකට අලුතෙන් ඇතුලත් වුනාම අත් විඳින්න වන සිදුවීම. ඒ කියන්නෙ නවක වදය. ඉතින් මොහු ඇතුලු මොහුගෙ යහළුවන් මෙම නවක වදයට ලක් වෙනවා එහි සිටින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙ. ඒත් අභිමන්යු අනිත් අය වගෙ නෙවෙ මොහු නවක වදයට විරුද්ධ වෙනව ඒ වගේම ඔහු මේ ගැන ඉහළට පැමිණිලි කරනවා. මේ පැමිණිලි කිරීම නිසා ජ්‍යෙෂ්ඨ අය මේ අයත් එක්ක උරණ වෙන්න ගන්නවා. එක දවසක් ඒ උරණ වූ ජ්‍යෙෂ්ඨ අය (මම හිතන ආකාරයට) නේවාසිකාගාරයේ අභිමන්යු අතුලු කන්ඩායම ඉන්න කාමරය අවුල් කරලා දානවා. මේ නිසා අභිමන්‍යුගෙ යහළුවන් හොස්ටල් එකෙන් යන්න තීරණය කරනවා. නමුත් අභිමන්යු කියනවා මේ ප්‍රශ්න ඇති වුනෙ එයා නිසා, ඒ නිසා එයා කාමරයෙන් යන්නම් කියලා. මේ හෙතුවෙන් අභිමන්යු එම නේවාසිකාගාරයේම වෙනත් කාමරයක් තෝර ගන්න. ඒහි අංකය තමයි 404. එතනින් පස්සෙ තමයි මේ කියන error එක ආරම්භ වෙන්නෙ.
මම මේ කිවුවෙ මෙහි එන සිදුවීමෙන් ඉතාම සුළු කොටසක් පමණයි. මෙහි මම නොකීවු තවත් දෙවල් කිහිපයක් තියෙනවා. ඒ ටික කිවුවා නම් film එක බලන එකෙ තේරුමක් නැති වන නිසා මම ඒ ටික කිවුවෙ නැහැ. ඒ කියන්නෙ 404 කාමරයෙ තියෙන නොවිසිඳුන රහස කුමක්ද? අභිමන්යුට මොකද වෙන්නෙ? තව මෙහි අභිමන්යුට සහය දක්වන මහාචාර්ය වරයෙක් ඉන්නවා. ඔහුත් යම් දෙයක් සඟවනවා. ඒ සඟවන දෙය කුමක්ද? ප්‍රශ්න වැලකට පිළිතුරු හොයා ගන්න මෙය නරඹන්න වෙනවා.
අන්තිම වශයෙන් මට කියන්න ඕන “ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ” කියලා. හොඳයි එහෙනම් මං දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් නැවතත් හමුවෙමු. ජය වේවා!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| DVDRip | x264 | 1CD | 700MB |
BED5A3E792965E3CF65EC6B09465798636B2361F
Direct Download
| DVDRip | x264 | 1CD | 700MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
2 thoughts on “404: Error Not Found (2011)| 404 හි නොවිසඳුන දෝෂය”
thank you
When i click to download , it shows “404 Error Not Found 😀 😀