ලිපිය: චාමර සම්පත්
ජෙසිකා හොයාගෙන ගියානේ කොහොමහරි අර ගෑනු කෙනා ඉන්න දිහාවටම. එතැනදී එයාට එයාගෙ අම්මගේ කතාවක් වගේම තවත් එක එක දේවල් ගැන දැනගන්න ලැබුණා. හැබැයි ජෙසිකා පහුගිය කොටසෙ නැගිටිද්දී එයා හිටියෙ ඇලීසට පාවිච්චි කරපු දම්වැල් වලින් ඇදට තියලා හිරවෙලා. මොකද හත්වැනි කොටසදී අපිට දකින්න ලැබුණා ජෙසිකාගෙ අම්මා එයාගෙ කතාව කියලා ඉවර කරද්දීම ජෙසිකා එයාට ඇදගෙන වැටෙන්න ගැහුවා. මේ වගේ ත්ත්යක් ඇති වෙයි කියලා තමයි ජෙසිකව ඇදක තියලා මාංචු දාලා තිබුණේ. ත්රිෂ් වගේම මැල්කම් අතරේ කලින් දා රෑ ලොකු හුටපටයක් උනා. ත්රිෂ්ට ශක්තිය ලැබෙන ඉන්හේලර් එක පාවිච්චි කරපු නිසයි එයාට ඒ වගේ පාලනය කරගන්න බැරි දැඩි හැගීම් වගයක් ඇවිල්ලා මැල්කම් එක්ක එහෙම හැසිරුණේ. කොහොම පහුවදා උදේ උනාම පස්සේ මේ දෙන්නා හොයන්න ගත්තා ජෙසිකා ගැන කිසිම ආරංචියක් නැතිම නිසා. එතකොට මේ දෙන්නටත් ජෙසිකා බොරු කියලා පැත්තකට කරලා තියන්න උනා. ජෙසිකාගේ මාංචු ගැලෙව්වට පස්සෙ එයාට අවස්තාවක් ලැබුණා එයාගේ අම්මව මුණගැහෙන්න. ඒත් ඒ වෙනුවට එයා මුලින්ම කලේ එයා අදුරන පොලිසියේ වැඩ කරන නිලධාරියට මේ අය ඉන්න තැන ගැන වාර්තා කරපු එක. පොලිසියේ අයට අහු උනොත් කාර්ල්ව ලොකු අමාරුවක වැටෙන නිසා ජෙසිකගෙ අම්මා ඇලීසා ජෙසිකට යන්න නොදී තියාගත්තා මොකද එතකොට එයාට පුලුවන් වෙනවා කාර්ල්ට පැනගන්න වෙලාවක් අරන් දෙන්න. කාර්ල් නම් එතනින් පැනගන්නවා. එතනින් පස්සේ ඒ කාමරේ තනිවෙන ජෙසිකාවත් ඇලිසාවත් අතර තියෙන්න ඕන අම්මා-දූ සම්බන්ධය නම් ඒ හැටි හොද එකක් වුණේ නැහැ. කොටින්ම ජෙසිකා කැමති නැහැ ඇලීසා කියන්නේ එයාගේ අම්මා කියලාවත් පිළිගන්න. ටික වෙලාවක් යද්දී ඇලීසා ජෙසිකාගේ පොඩි කාලේ සිදුවීම් මතක් කරනවා. මොන නපුරු දේ කලත් තමන්ගේ අම්මා මතකයන් ගැන කියද්දී කාටද ඉවසන්න පුලුවන්. ඉතින් ජෙසිකට දුක හිතිලා එයා තීරණය කරනවා පොලිසියෙන් එන්න කලින් එතනින් ඇලීසාවත් අරගෙන පැනගන්න. ජෙසිකා එයාගෙ අම්මගේ තත්වය ගැන දැනම දැනමත් එයාව එක්කන් ගියෙ ජෙසිකා නැවතිලා ඉන්න තැනටයි.
Torrents Download
| WEBRIP | x264 | SVA | 293MB |
4FA3BCBF9F64B2DA62A8A8E1677ABE7285FC5DC1
Direct Download
| WEBRIP | x264 | 480p | 148MB |
| WEBRIP | x264 | 720p | 293MB |