MENU

Fargo [S03 : E09] | සිවි මරණයන්වල පලහිලව්ව..

අද නම් ගේන්න හදන්නේ ජිවිතේට ආසාවටවත් නොබලපු, සබ් කරන්න ගිහින් අමාරුවේ වැටුණු, ඉසුරු මුල් තැන අරගෙන ඉවරයක් කරන්න ගත්ත ෆාගෝ තුන්වැනි කතාසමයේ අන්තිම කොටසට කලින් කොටසයි. ආරංචිය හැටියට නම් එක් කොටසකට අලුත් සිද්දියක් ගැනලු තියෙන්නේ. කතාවේ වුණේ මොනාද කියලවත් කියන්න තේරෙන්නේ නම් නැහැ. ලිපි කැල්ල ලියලා දාන්න IMDb එකේ බැලුවහම ඒකෙ තියෙන්නෙත් එක වාක්‍ය කැල්ලක් විතරයි. ඒ හන්දා පුලුවන් විදිහට කියලා දාන්නම්. මේ කොටසදී දකින්න ලැබේවී එම්ට් ස්ටසි කියලා කෙනෙක් මිනීමැරුමක් කරලා. මෙයා මේ ගැන ග්ලෝරියා බර්ග් කියන පොලිස් නිලධාරිනියට පාපොච්චාරණය කිරීමක් කරනවා මුලදීම දැකගන්න ලැබෙනවා. ග්ලෝරියා හිතන්නේ නම් මෙයාගේ මේ පාපොච්චාරණය සැහෙන්න ලොකු උදව්වක් වෙයි කියලා. ඒත් සමිට් පොලිස් අත්අඩංගුවේ ඉන්න අතරේ වෙනින් මනුස්සයෙක් ස්ටසි කියන වාසගම් තියෙන අයව පීරලා මරන්න පටන් අරං. වැඩේ කියන්නේ මිනිමරුවව හරිම ලේසියෙන් අල්ලගන්න පුලුවන් වෙන්න මිනිහා සාක්ෂි ඉතුරු කරලම යනවා. ඒ කියන්නේ මෙතන වෙන්නේ ලොකු ලොක්කෙක් වෙනින් කෙනෙක්ව වසං කරන්න තමන්ගේ කෙනෙක්ව ලව්වා මේ අලුත් මිනීමරන වැඩ පටන් අරං කියන එකයි. ලේසියෙන්ම සාක්ෂි තියලා යනවා කියන්නේ හරිම ලේසියෙන් පොලිසියට අල්ලගන්නත් පුලුවන් කියන එකයි. පොලිසියෙන් නම් හරි ලේසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට මිනි මරපු එක ගැන හැමදේම පාපොච්චාරණය කරනවත් එක්ක. එතකොට එමිට් ස්ටසි කරපු පාපොච්චාරණය? ඒ ප්‍රශ්නේ ඉතිරි කරලා මං එහෙනම් සමුගන්නවා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 216MB |    

36C2CC0E3706044E4BFF8F2D49AA9E626E9ADDE5

Direct Download

| HDTV | x264 | SVA | 216MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *