MENU

Fargo [S03 : E10]| හැමදේම අස්ථීරයි!

​මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එපියක් කිරීමට එක්කාසු වුන සහෝදර උපසිරැසිකරුවන් කැලටත්, මේ ගැන හොයා බැලුව අයටත්, ඇඩ්මින්වරුන්ටත් ස්තූතිය. ඒවගේම කතාව බලන ගණන කෙසේ වෙතත් මේ කතාව ඇගෙන්ම බලන, වෙන කතාවලට නොවැටෙන තරමේ දිගු, හදවතින්ම කරන අදහස් පලකරලා අපිව දිරිගැන්වුව ෆාර්ගෝ ඩයි හාඩ් ෆෑන්ස්ලා ටිකට ස්තූතිවන්ත වෙනවා. සුළුතරයක් හරි එවැනි පිරිසක් ඉන්නවා දකින්න ලැබුන එක සතුටක්. බලන පිරිස අඩුවුනත් එවැනි ප්‍රේක්ෂකයින් ඉන්නවා නම් සබ් එකක් කරන්න ආසයි.

ඉතින් අන්තිමේදී කියන්න තියෙන්නෙ මෙහෙම කතාවක් බලලා රසවින්ද අපිත් කොච්චර වාසනාවන්තද? :-). අපි සුළුතරය ඒ වාසනාව උදාකරගත්තා. ඉතිරි බහුතරයෙන් පිරිසක් සමහරවිට ඉංගිරිසියෙන්ම බලන්න ඇති. අනිත් අය ඉතින් නොබලන අය. මක් කොරන්නෙයි ඉතින්? ඔයාලගෙ කැමැත්තනෙ. කමක් නෑ. කවදාහරි බලන්න හිත්ලන්නැයි ප්‍රාර්ථනා කරගෙන ෆාර්ගෝ මේ ලොව ඇති විශිෂ්ටම කතාමාලාවක් කියන එකම ආයෙත් කියවන්නයි යන්නෙ. ඒ නිසා දැන් මගේ බයිලා ඇති කියලා හිතන අය සේප් එකේ මාරුවෙන්ට.

9.0ක imdb අගයක් එක්ක හොදම කතාමාලා අතර අංක 24. Rotten Tomatoesහි 96%ක අගය. ගූගල් පරිශීලකයින්ගේ 91%ක කැමැත්ත. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 3ක් සමඟ තවත් සම්මාන 50ක් සහ සම්මාන සදහා නිර්දේශයන් 198ක්. පසුගිය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලලේදී අපේ ස්ටසී සොහොයුරන් දෙදෙනාටම පන පොවමින් ද්විත්ව රංගනයක් කල Ewan Mcgregor හොදම නළුවා සම්මානයක් දිනාගන්නවා. ඒකනම් පොරට ලැබෙන්න ඕන නේද? ඒවගේම වර්ගාගේ චරිතයට පන පෙව්ව David Thewlis අයියා එහෙමත් නිර්දේශ වුනා සහය නළුවා සම්මානයකට. ඕවා තමා ඉතින් වතගොත. ලිපිය දික්වුනාට එපිය ගැන කිව්ව ඒවා නෙමේ ඉතින්. එපිය ගැන කියන්නෙත් නෑ. බලන අය කොහොමත් බලනවා. ඒ නිසා නොබැලුව එක්කෙනෙක්ට හරි බලන්න හිතෙන්න කියලා තමා ආයෙ කලින් තැටියම ගැහුවේ. එහෙනම්ඒකත් අහවරයි කිව්වලු. ඔන්න ඒවගේම අර ඩයි හාඩ් ෆෑන්ස්ලගේ හොද කමෙන්ට් ටිකක් බලාපොරොත්තු වෙනවා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 250MB |    

8041EFB41160D5325526B3B2C5ACAF046DE723F2

Direct Download

| HDTV | x264 | SVA | 250MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *