MENU

Hâmonî (2015) | උස් මිටි කම් නැති ලෝකයක් කරා! (18+)

කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම ඉතින් මේකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන් එහෙම තියනවනම් කරුණාකරලා මට කියන්න එතකොට මට පුළුවන් ඊළඟ Sub එකේදී ඒ වැරදි මගහැරගන්නහරි.මේ film එක ගැන කියනවනම් මේක 2015 දි ආපු ටිකක් වෙනස් විදියේ ජපන් Animi movie එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 6.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michel Arias සහ Takashi Nakamura කියන අධ්‍යක්ෂකවරුන් දෙපල විසිනුයි..මේ film එකේ කතාව ගැන කියනවනම් ටුවාන් කිරී කියලා තරුණියක් වටා තමයි මේ කතාව යන ්නේ එයා ලෝක සෞඛ්‍ය සංවිධානේ හිලික්ස් පරීක්ෂකයෙක් හිලික්ස් පරීක්ෂකයෙක් කියන්නේ අනාගතේ දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් ,කොහොමහරි ඉස්කෝලේ යන කලේ මෙයයි සියන් කියලා යාළුවෙකුයි මියාහ් කියලා යාළුවෙකුයි (ආ තවදෙයක් මියාහ් කියන්නේ ටුවාන් ගේ යාලුවෙක්ට වඩා එහා කෙනෙක්)සියදිවි නසාගන්න යනවා එකේදී සියන් නිසා ටුවාන් බේරෙනවා ඒත් මියාහ් මැරෙනවා.ඊට කාලෙකට පස්සේ ටුවාන් ජපානේ අතැරලා ගිහින් ආයේ ජපානෙට එනවා,ඒ වෙද්දී ලෝකය හරි වෙනස් වෙලා ලෙඩරෝග නැති,මහලු වීම ගොඩක් ප්‍රමාද කරලා තියෙන්නේ WatchMe කියලා ජාලයකට මිනිස්සු සම්බන්ධ කරලා.කොහොම උනත් එක දවසක මිනිස්සු සියදිවි නසාගන්න පටන් ගන්නවා ,ඇයි මිනිස්සු දිවි නසන්නේ. කව්ද මේ දිවි නසාගැනීම් පිටිපස්සේ ඉන්නේ කියලා දැනගන්න ඕන නම් මේ film එක බලන්නම වෙනවා. ආ තව විශේෂ දෙයක් මේකේ පොඩි අයට හොඳ නැති දර්ශනටිකකුත් තියනවා. ඒකනිසා පොඩි අය නොබැලුවොත් තමයි හොඳ.කොහොම උනත් film එකේ අන්තිමේදී කියවෙන්නේ අද ලෝකයේත් තිබෙන අඳුරු සත්‍යක් තමයි.

එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 880MB |

F57BAEF7B360F816C820A0F630851016DF7A7A10

Direct Download

| Bluray | x264 | 720p| 880MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *