MENU

Lost in Space (2018) [S01 : E06] | හොඳ හොඳ සෙල්ලම්…….

ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු ආලොකු කුලුනටත් වැඩේ දීලා විල් ගැන තාත්තට කේලම් කියල එයාලව බිඳවලා කරපු කුමන්ත්‍රණ තොගේ. හැබැයි එක අතකට ඒ වැඩෙන් එක හොඳක් සිද්දවුනා. රොබෝ දැන් කලින් වගේ ප්‍රචණ්ඩ නැහැ විල් කියන දේ රොබෝ අහනවා ඒ වගේම රෝබෝගෙන් යම් වැඩක් ගන්න පුළුවන් බව මිනිස්සුන්ට තේරුම් යාවි දැන් ඉස්සරහට මේ වෙච්ච වැඩෙත් එක්ක.

ඒ වගේම අනිත් අතට ඒ ග්‍රහලෝකේ වෙලා තියෙන කාලගුණික විපර්යාස වලට හේතු හොයාගෙන මොරීන් අභ්‍යවකාශයට යනවා බැලුනයක් ආධාරයෙන්. අභ්‍යවකාශයට කිව්වට ඒ ලෝකේ වායු ගෝලයෙන් එලියට නෙමේ ඉහල වායු ගෝලයට යන්නේ. එතැනදී හෝකින් විකිරණ වගයක් අහුවෙනවා මොරීන්ගේ දර්ශක වලට. මේ කිරණ වලට හෝකින් කියන්නේ පහුගිය 2018 මාර්තු 14 වැනිදා මියගිය මේ සියවසේ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයා ස්ටීවන් හෝකින් නාමයෙන්. 1942 ජනවාරි 8 වෙනිදා ඔහු ඉපදුනේ. ඔහු ඉපදුන දාට මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙනවා ඒ වගේම ඔහු මියගිය මාර්තු 14 වැනි දවසක තමා තවත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥක් වෙච්ච ඇල්බට් අයින්ස්ටයින් ඉපදෙන්නේ. මාර අහම්බයක් නේද ඉතිං? හෝකින් මහත්තයා තමන්ගේ ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගතකලේ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව. එයිනුත් කළු කුහර සම්බන්ධව එතුමන් සැහෙන පරීක්ෂණ ගොඩක් කළා. ඔහුගේ ජනප්‍රියම සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. ඉතිං ඒ නිසා මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” විදියට. ඒ සම්බන්ධ දෙයක් ඔන්න අද කතාවේ තියෙන නිසයි මං ඒ ගැන කිව්වේ !

‘carpe diem’
“seize the day”

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 270MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *