MENU

The Rain [S01 : E02] | වැනසුන ලෝකය….

ඔන්න එහෙනම් මේ සුදානම දෙවැනි කොටසත් හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්න. උපසිරස කරල අවසන් වුන එකේ ආයෙත් හෙට වෙනකම් ඉන්න ඕන නැහැ කියල හිතුනා… මේ කොටස ගැන කියන්න කලින් පළමු කොටස ගැන මතකය අවධි කරගෙන ඉමු.

කලින් කොටස –

පාසලේ විභාගයකට පෙනී සිටින්න සුදානමෙන් හිටිය සිමෝනා එක්වරම පාසලෙන් අරගෙන යන්න ඔවුන්ගේ පියා ඇවිත් හිටිය හැටි මතක ඇති කියල හිතනවා. කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඔහු තමුන්ගේ පවුල ආරක්‍ෂිත තැනක් වෙත ගෙනියන්න තමයි උපරිම උත්සහ ගත්තේ. ඒ ඇදහැලෙන්නට නියමිත විසකුරු වර්ෂාවෙන් ඔවුන් ආරක්ෂා කරගන්න. මොකද මේ වැස්සට අහුවුනොත් ඒ තමයි ඔවුන්ගේ අවසානය. කොහොම හරි ඔවුන් සමත් වුනා ඇපලෝන් නම් ඔවුන්ගේ පියා වැඩ කරන ආයතනයේ ආරක්‍ෂිත බංකර් එකක් වෙත එන්න. ආ විගසම පිටත් වුන පියා වගේම ළමයින්ගේ අනුවන ක්‍රියා කලාපය නිසාවෙන් අම්මට සිද්ධ වුන දෙයත් මතක ඇති. ඉන් පස්සේ වසර 6 ක කාලයක් සිමෝනා සහ රස්මුස් මේ බංකර් එකේ හිරකරුවන් බවට පත් වුනා. නමුත් ඒකට ලොකුම හේතුව වුණේ පියා පිටත් වෙන්න කලින් සිමෝනා හට පැවරූ රාජකාරිය… නමුත් කතාවේ අවසාන හරියට එනකොට සිමෝනා පෘථිවි තලයට ගිය හැටිත් ලෝකයම විනාශ වෙලා තියන හැටිත් දැක්ක බව මතක ඇති… නමුත් කතාව අවසාන වුනේ පසු දින එලියට යන්න නියම කරගෙන උන්න අක්ක, මලෝ දෙන්නට හදිසියේම එලියට යන්න සිද්ධ වීමෙන්… ඒ ලෝකයම මියගිහින් කියල හිතන් උන්න මේ දෙන්නා බොහොම පුදුම කරමින්… තවත් මිනිසුන් ලෝකයේ ඉන්නා බව පෙන්වා දෙමින්….

ඔහොම තමයි මුල් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරනා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • සිමෝනාගේ පියා වැඩ කරන ඇපලෝන් ආයතනය ලෝක විනාශයට යම් තරමකට දායක වෙලා තියනවා. ඒ පිළිබඳ තවමත් අපිට හරි අදහසක් නැහැ.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන දෙවැනි කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

කලින් කොටසේ අවසානයේ බංකර් එකට ඇතුල් වුන පිරිස තවත් ජීවිතය බේරා ගැනීමට සමත් වූ පිරිසක්. ඔවුන්ගේ එකම අරමුණ කෑමට යමක් සොයා ගැනීම පමණයි. නමුත් බංකර් එකේ කෑමට ඇති දේ බොහොම ටිකයි. ඔවුන්ගේ අරමුණ ලබාගත හැකි දේ අරගෙන සිමෝනා සහ රස්මුස් දමා යන්න. නමුත් සිමෝනා ඔවුනට තවත් බංකර් ඇති බවත් ඒ බංකර් වෙත තමුන්ට ඔවුන්ව එකක් යන්න හැකි බවත් දැනුම් දෙනවා විතරක් නෙමෙයි සිතියම ඇතුලත් ටැබ් එකත් විනාශ කරනවා… ඔහොම තමයි අපි මාර්ටින් හඳුනා ගන්නේ. ඔහු හිටපු හමුදා සෙබලෙක් ඔහු ඇතුළු කණ්ඩායම වැස්සෙන් ආරක්ෂා වෙමින් කෑම සොයමින් රට පුරා සරුසරනවා…

ඉතින් අද වසර 6 කට පසු පොළොවේ පය ගහන අක්ක මලෝ දෙන්නට අනික් බංකර් හොයාගන්න හැකි වේවි ද? ඔවුන්ගේ පියා ගැන මොකක් හරි තොරතුරක් දැනගත හැකි ව්වි ද? මේ අලුත් කණ්ඩායම කොහොම එකක් ද? විනාශ වුන ලෝකයේ සැබෑ තත්වය මොකද්ද ? වගේ ප්‍රශ්න රැසකට පිළිතුරු හොයාගන්න ඔබට හැකි වේවි. එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි. 

බොහොම දෙනෙක් Lost In Space කතා මාලාවේ ඉතිරි කොටස් ගැන විමසීමක් කරලා තිබ්බ. විමාගේ අධ්‍යාපන කටයුතු ටිකක් නිසාවෙන් තමයි ප්‍රමාදය සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් අද හෙටම ඉතිරි ටික ඔබ වෙත ගෙන එන බව තමයි ඔහු දැනුම් දුන්නේ, ඉතින් බය වෙන්න එපා ඔබ අතරමන් කරන්නේ නැහැ ඉක්මනින් ලැබෙයි, අපේ අධ්‍යාපන කටයුතු ගැනත් බලන්න එපාය නැත්නම් අපිටත් සදාකාලික අන්ධකාරයේ තමයි ඉන්න වෙන්නෙ….

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 2.7GB | Complete S01 |

6276c5ff15299452976df2032e206af744587427

Direct Download

| WEBRip | x264 | 480p | 180MB |

   

| WEBRip | x265 | 720p | 336MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *