MENU

Arrow [S06 : E20] | පක්ෂපාතිත්වය කා වෙතදෝ?

ඔන්න එහෙමනම් කිව්වා වගේම මම ඇරෝ 20වන කොටසත් අරගෙන ආවා මට පුළුවන් ඉක්මනටම. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.ගිය සතියේ අපිට දැකගන්න පුළුවන්කමක් ලැබුනා රිකාඩෝ ඩියෑස් වර්තමානයේ ඉන්න තත්වෙට පත්වෙන්න පාදක උන කරුණුකාරනා මොනාද කියලා. කොටින්ම කිව්වොත් ඩියෑස්ගෙ අතීතය ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනා. ඒ වගේම මෙච්චර කාලයක් රහසක් වශයෙන් තිබ්බ තවත් දෙයක් කලින් කොටසෙන් දැනගන්නට ලැබුනා. ඒ තමයි ඩියෑස් ස්ටාර් සිටි අල්ලාගන්නට වෙර දරන්නේ කිනම් අරමුණක් මතද කියන කාරණේ. ඉතින් අපි දැක්කනෙ ඩියෑස් එහෙම කරන්නෙ බලගතු අපරාධ සංවිධානයකට එකතුවෙන්න තියෙන උවමනාව මතයි කියලා

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මගින් ඩියෑස්ට හැකියාව ලැබුනා එම අරමුණ ඉෂ්ට සිද්ද කරගෙන ඒ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න. මේ සියල්ලකදීම පාහේ ලෝරල් තමයි ඩියෑස් අසළින්ම රැදෙමින් ඔහුට සහයක් බවට පත් උනෙත්. ඉතින් අද දැකගන්න පුළුවන් ඒකෙන් පස්සේ ඩියෑස් අද මොනාද කරන්නෙ කියලා.ඔන්න එහෙමනම් අද ඔලිවර් රුසියාවට ගිහිල්ලා තියෙනවා බ්‍රට්වා පකාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම ඔලිවර්ට ඕන කරලා තියෙන්නෙ බ්‍රට්වා එකට ඇනටෝලි ගැන තියෙන තරහ නැති කරලා දාලා ඇනටෝලිව ආපහු රුසියාවට යවන්නයි. හැබැයි ඇනටෝලි කරන්නෙ ඔලිවර්ව අල්ලලා ඩියෑස් ගාවට එක්ක යන එක. හැබැයි මේකෙදි ඇනටෝලිට ඩියෑස් ගැන යම් කළකිරීමක් ඇතිවෙනවා.ඒ වගේම ඩියෑස් අපේ නව නගරාධිපතිතුමා ඒ කියන්නේ ක්වෙන්ටින්ව බැහැ දකින්නත් පැමිණෙනවා. ඒ ඇවිත් යම් ලියවිල්ලකට අත්සනක් ඉල්ලනවා. ඉතින් මේකෙන් ලෝරල් සහ ක්වෙන්ටින් අතරත් මතභේදයක් ඇතිවෙනවා. ඒ වගේම ඇත්තටම දැන් දැන් බ්ලැක් සයිරන් වෙනස් වෙලාදෝ කියලත් හිතෙනවා. මොකද ලෝරල් කියනවා එයා ඩියෑස්ට වැඩ කරන්නෙ තියෙන බය නිසාය කියලා. කොහොමහරි ඇනටෝලි, ලෝරල් දෙන්නා හිතේ දෙගිඩියාවෙන් පසු උනත් දැන් ඩියෑස් බලවත් වෙලා ඉවරයිනේ..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. දැනටත් කතාවේ වෙන ඔක්කොම කිව්වදත් මන්දා. කමක් නෑ, කොහොමත් දැනටත් මේක ඇවිත් ටික දවසක් නිසා ගොඩක් අය බලලත් ඇතිනේ. එහෙමනම් මා යනවා.21වන කොටසටනම් මට උපසිරැසිය ගේන්න පුළුවන්වෙයිද නොවෙයිද කියලනම් මට හරියටම කියන්න බෑ. මම නැති උනත් කවුරුහරි ඒකත් ලබාදෙයි. එතෙක් ඉවසීමෙන් ඉන්න..

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 261MB |  

077ED279E94D0246BD61885F239C60ED88A5BAA9

Direct Download

| HDTV | x264 | 480p | 144MB |      

           

| HDTV | x264 | SVA | 260MB |       

   

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *